රෙඩ්බුල් ආයතනය සංවිධානය කරන විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක ශූරතා තරගාවලියේදී බංගලාදේශ ලිබරල් ආර්ට් විශ්ව විද්‍යාල පිලට එරෙහිව ලකුණු 7 ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රි ලංකාවේ ව්‍යාපාර කළමනාකරණ පාසල් (බී.එම්.එස්) පිල අද (10 වැනිදා) සමත්විය. මෙම තරගය කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
පිත්තෙන් දස්කම් දක්වමින් පන්දු 33 කදී හයේ පහරක් සහ හතරේ පහර තුනක් සමගින් ලකුණු 40 ක් රැස්කර ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා විමට ජනිත් ලියනගේ සමත්විය. අමිල අපෝන්සු ඕවර 4 ක් යවමින් ලකුණු 13 කට කඩුලු 3 ක් සහ චාමික කරුණාරත්න ලකුණු 26 කට කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත්වුහ.
ශ්‍රි ලංකාවේ ව්‍යාපාර කළමනාකරණ පාසල - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 188
(ජනිත් ලියනගේ 40, චාමික කරුණාරත්න නොදැවී 28, අරිෆූර් රහ්මන් 18/2, අංජුම් අහ්මඞ් 28/2)
බංගලාදේශ ලිබරල් ආර්ට් විශ්ව විද්‍යාලය - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 141
(ජසීම් උද්දීන් 32, නහිදුල් ඉස්ලාම් 24, අංජුම් අහ්මඞ් නොදැවී 23, අමිල අපෝන්සු 13/3, චාමික කරුණාරත්න 26/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.