Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකාවට රිදී-ලෝකඩ පදක්කම් පහක්

ශ්‍රී ලංකාවට රිදී-ලෝකඩ පදක්කම් පහක්

editorial - 2022 ඔක් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

කුවේට් රාජ්‍යයේදී නිමාවට පත්වූ සිව්වැනි ආසියානු යොවුන් (වයස 18න් පහළ) මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාව රිදී පදක්කම් තුනක් හා ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගත්තේය.

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් පස් දෙනෙකු හා ක්‍රීඩිකාවන් තිදෙනෙක්ගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගී විය.

මීටර 400 (පිරිමි) ඉසව්වෙන් ශ්‍රී ලංකාව රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කමක් ලැබීය. ප්‍රවීන් ජයතිලක තත්පර 48.66 කට එහිදී රිදී පදක්කම ලබන අතර තත්පර 48.70 කට එහි ලෝකඩ පදක්කම හිමිකර ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයා වූයේ අවිෂ්ක රාජපක්‍ෂයි.

ප්‍රවීන් කොළඹ තර්ස්ටන් විදුහලේ ශිෂ්‍යයෙකි. කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල මහ විදුහලේ අවිෂ්ක ඉගෙනුම ලබයි.

මෙහි රන් පදක්කම තත්පර 48.37 කට දිනා ගත්තේ ඉරාන ක්‍රීඩක ෂෙයිඩ් මොහොමඩ් විසිනි. උස පැනීම (පිරිමි) ඉසව්වේ රිදී පදක්කම මීටර 2.01 කට හිමිකර ගත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වූයේ තණමල්විල බෝදාගම මහ විදුහලේ දෙනෙත් අනුහස්ය. එහි ලෝකඩ පදක්කමත් ශ්‍රී ලංකාවට හිමිවූ අතර ඒ ලෙසඳු ආතාවිදු මීටර 1.97කට දැක්වූ දක්‍ෂතාවය හේතුවෙනි ඔහු බොරැල්ල ඩී.එස්. සේනානායක විදුහලේ සිසුවෙකි.

නුගේගොඩ සමුද්‍රදේවී බාලිකා විදුහලේ කසුනි නිර්මලා වික්‍රමසිංහ මීටර 800 (කාන්තා) ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනා දුන් ක්‍රීඩිකාවයි. ඒ විනාඩි 2 තත්පර 15.42කටය.


අදහස් (0)

ශ්‍රී ලංකාවට රිදී-ලෝකඩ පදක්කම් පහක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.