Last Update  :  2024-05-09 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකාවට රන් පදක්කම් 3 ක්

ශ්‍රී ලංකාවට රන් පදක්කම් 3 ක්

editorial - 2023 දෙසැ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කටුනායක ටී.කේ.ජී.කපිල)

වියට්නාමයේ පැවති ආසියානු ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් ශූරතා තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එයට සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 03 ක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 03 ක් දිනා ගෙන තිබූ අතර ඔවුන් අතරින් පදක්කම්ලාභීන් දෙදෙනෙකු   12/18 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

මෙහිදී රේණු චන්ද්‍රිකා ද සිල්වා වයස අවුරුදු 45 ට වැඩි කාන්තා කේවළ තරගයෙන් සහ මිශ්‍ර යුගළ තරගයෙන් රන් පදක්කම් 02 ක් දිනාගත් අතර  කාන්තා යුගළ තරගයෙන් ලෝකඩ පදක්කමක් දිනා ගත්තාය. රේණු චන්ද්‍රිකා ද සිල්වා හිටපු ශ්‍රී ලංකා ජාතික ශූරිය වන අතර ඇය අනුරාධපුරය ප්‍රදේශයේ පදිංචිකාරිනියකි .

මෙම තරගාවලියේ දී විජය ලක්ෂ්මි පුංචිහේවා කාන්තා යුගළ තරගයෙන් සහ වයස අවුරුදු 55 - 60 අතර ඒකළ තරගයෙන් ද ලෝකඩ පදක්කම් 02 ක්  දිනා ගැනීමට සමත් වී තිබුණි. ඔවුන් ඇතුළු ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ජ්‍යෙෂ්ඨ කණ්ඩායම පසුගිය සඳුදා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .


අදහස් (0)

ශ්‍රී ලංකාවට රන් පදක්කම් 3 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.