Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකාවට පදක්කම් 84 ක්

ශ්‍රී ලංකාවට පදක්කම් 84 ක්

editorial - 2023 නොවැ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කටුනායක ටී.කේ.ජී. කපිල)

පිලිපීනයේ පැවැති 22 වැනි ආසියානු ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරගාවලියේ දී රන් පදක්කම් 25ක්, රිදී පදක්කම් 34ක් සහ ලෝකඩ පදක්කම් 25ක්  දිනා ගනිමින් සමස්ත පදක්කම් 84 ක් ලබා පදක්කම් සටහනේ 08 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිවිය.

මෙම තරගාවලිය පිලිපීනයේ මැනිලා නුවරදී ඉකුත් දා ආසියානු රටවල් 26ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1,884 දෙනකුගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

එහිදී අවුරුදු 50-54 කාණ්ඩයෙන් තරග කළ දිලිප් ඒකනායක මීටර් 800 විනාඩි 02යි තත්පර 06 කින් සහ මීටර් 400 තත්පර 52.07 කින් නිමා කරමින් නව ආසියානු තරග වාර්තාවක් තැබීමට සමත් විය.

මෙම තරගාවලියේදී හයිඩ්‍රාමනි ආයතනයේ විධායක නිලධාරිවරයකු ලෙස සේවය කරන දිලිප් ඒකනායක එම ඉසව් දෙක සඳහා රන් පදක්කම් දෙකක් ද ඊට අමතරව මීටර් 400x4 සඳහා රිදී පදක්කමක් සහ මීටර් 100x4 සඳහා ලෝකඩ පදක්කමක්ද දිනා ගැනීමට සමත්වී තිබුණි.

දිලිප් ඒකනායක මෙම පදක්කම් 04ත් සමග මේ වනවිට ජාත්‍යන්තර තරගවලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කම් 32ක් දිනා ගෙන ඇති ක්‍රීඩකයෙකි.

මීට අමතරව වයස අවුරුදු 35-39 කාණ්ඩයෙන් තරග කළ දසුන් සිල්වා ද නව ආසියානු තරග වාර්තාවක් තැබීමට සමත් වී තිබුණි.

 

අදහස් (0)

ශ්‍රී ලංකාවට පදක්කම් 84 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.