Last Update  :  2025-07-02 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකාවට ගෝල 10 - 0 ක පරාජයක්

ශ්‍රී ලංකාවට ගෝල 10 - 0 ක පරාජයක්

editorial - 2025 ජුලි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

උස්බෙකිස්තානයේ ටෂ්කන්ට් නුවරදී පැවැත්වෙන ආසියානු කුසලාන (2026) නිර්දේශ (කාන්තා) එෆ් කාණ්ඩයේ තරග වටයේදී ශ්‍රී ලංකාව ඊයේ සත්කාරක උස්බෙකිස්තානයට ගෝල 10 - 0 ක දරුණු පරාජයක් ලැබීය.ඉන් ගෝල පහක්ම ඔවුන් වාර්තා කළේ තරගයේ පළමු භාගයේදීය.

ඉන් ගෝල හතරක්ම වාර්තා කළේ ජාත්‍යන්තර තරග 35 කදී ඒ වන විට ගෝල 30 ක් ලබා සිටි 28 හැවිරිදි නිලුෆර් කුඩ්රාටෝව් විසිනි.ක්‍රීඩිකා ඩියෝරාකහූන් කහබීබුල්ලා එහිදී ගෝල ත්‍රිත්වයක් වාර්තා කළාය.

එම තරග වටයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන දෙවැනි තරගය නේපාලයට එරෙහිව හෙට (2) පැවැත්වේ.නේපාලය ඊයේ පැවැති තරගයකදී ලාඕසය ගෝල 9 - 0 කින් පරාජය කිරීමට සමත් විය.ජූලි 5 වැනිදා ශ්‍රී ලංකාව මෙම තරග වටයේ සිය අවසන් තරගයට සහභාගි වන්නේ ලාඕසයට එරෙහිවය.

කාණ්ඩ අටකින් මූලික වටය පැවැත්වීමේදී එම කාන්ඩ ශූරීයන් අට දෙනකුද ඇතුළුව ගියවර (2022) තරගාවලියේ තෙවැනි ස්ථානය දක්වා  පැමිණි කණ්ඩායම් තුන හා සත්කාරක රට (නිර්දේශ ලබන මුළු කණ්ඩායම් ගණන 12 ) 2026 මාර්තු 1 සිට 21 වැනිදා දක්වා ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන 21 වැනි ආසියානු කුසලාන පාපන්දු (කාන්තා) තරගාවලියට (අවසන් වටයට) නිර්දේශ ලබයි.

ලෝක පාපන්දු (කාන්තා) කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව මේ වන විට 159 වැනි ස්ථානයේ පසුවේ.උස්බෙකිස්තානය එහි 51 වැනි ස්ථානයේ පසුවේ.


අදහස් (0)

ශ්‍රී ලංකාවට ගෝල 10 - 0 ක පරාජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.