රෙඞ්බුල් විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි දිනය වූ අද (11 වැනිදා) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හැරියට් වොට් විශ්ව විද්‍යාලයට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කළමනාකරණ පාසල (බී.එම්.එස්. කණ්ඩායම) සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 134 ක ඉලක්කයක් හඹාගිය බී.එම්.එස්. කණ්ඩායම ඕවර 13.3 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය. හෂාන් දුමිඳු නොදැවී ලකුණු 40 ක්ද, මනෝජ් සරත්චන්ද්‍ර නොදැවී ලකුණු 23 ක්ද රැස්කරමින් බී.එම්.එස්. කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.
බී.එම්.එස්. කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් ළහිරු මිලන්ත ලකුණු 47 ක් ලබා සිටියදී අර්ධ ශතකය පෙනි පෙනී ඉතා අවාසනාවන්ත ලෙස දැවී ගියේය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් හැරියට් වොට් විශ්ව විද්‍යාලය ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 133 ක් රැස්කළ අතර මොහොමඞ් නේල් ලකුණු 31 ක්ද, රොහිත් ජම්වාල් නොදැවී ලකුණු 30 ක්ද රැස්කරමින් හැරියට් වොට් ඉනිම ශක්තිමත් කළහ.
සිම්බාබ්වේ (හැරියට් වොට් විශ්ව විද්‍යාලය) - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී 133
(මොහොමඞ් නේල් 31, රොහිත් ජම්වාල් නොදැවී 30, නබීල් කුෂ්මිරි 20)
ශ්‍රී ලංකාව (ව්‍යාපාර කළමනාකරණ පාසල) - ඕවර 13.3 කදී කඩුලු 2 ක් දැවී 134
(ළහිරු මිලන්ත 47, හෂාන් දුමිඳු නොදැවී 40, මනෝජ් සරත්චන්ද්‍ර නොදැවී 23)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.