Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකාවට 5-0 ක පරාජයක්

ශ්‍රී ලංකාවට 5-0 ක පරාජයක්

editorial - 2021 දෙසැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

සාෆ් ශූරතා පාපන්දු වයස 19 න් පහළ (කාන්තා) තරගාවලියේ (2021) ඊයේ (11) පැවැති තරගයකදී ශ්‍රී ලංකාව ගෝල 5-0 කට භූතානයට පරාජය විය.

රටවල් පහකගේ සහභාගීත්වයෙන් බංග්ලාදේශයේ ‘‘ඩකා’’ නුවරදී ආරම්භ වූ මෙම තරගාවලියේ ආරම්භක තරගය ලෙස එය පැවැත්විණි. එහිදී භූතාන ක්‍රීඩිකාවෝ ගෝල 4-0 ක් ලෙස පළමු භාගයේ තරගය නිමා කිරීමට සමත් වූහ.

මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වඩාත් අවාසනාවන්ත වූයේ දෙවැනි භාගයේ 85 වැනි විනාඩියේදී භූතානය වාර්තා කළ පස්වැනි ගෝල වැරදීමකින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් වෙතින් ඔවුන්ගේම දැල තුළට යොමු කළ පන්දු පහරකින් වාර්තා වීමයි.

අතිරේක ක්‍රීඩිකාවක් ලෙස පිටියට පිවිසි ඇය සුභාෂි මධුෂානි සෙනවිගේයි. මෙම තරගයේදී ඇය විනිසුරු වෙතින් දැඩි අවවාද ලබන කහ කාඩ් පතද ලැබුවාය. භූතාන ක්‍රීඩිකාවෝ දෙදෙනෙක්ද විනිසුරු වෙතින් මෙම තරගයේදී දැඩි අවවාද ලබන කහ කාඩ් පත ලැබූහ.

එදිනම පැවැති සත්කාරක බංග්ලාදේශය හා නේපාලය අතර තරගය ජය පරාජයෙන් තොරව (0-0) අවසන් විය.

ශ්‍රී ලංකාව සහභාගී වන තරගාවලියේ දෙවැනි තරගය හෙට (13) ඉන්දියාවට එරෙහිව පැවැත්වේ. දෙසැම්බර් 22 වැනිදා මෙහි අවසන් මහ තරගය පැවැත්වේ.

මෙම තරගාවලියේ දෙසැම්බර් 19 වැනිදා දක්වා පැවැත්වෙන මූලික වටයේ ඉහළම ප්‍රසාද ලකුණු ලාභීන් වන කණ්ඩායම් දෙක එම අවසන් මහ තරගයට නිර්දේශ ලබා ගනියි.


අදහස් (0)

ශ්‍රී ලංකාවට 5-0 ක පරාජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.