Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකාවට 19 වැනි ස්ථානය

ශ්‍රී ලංකාවට 19 වැනි ස්ථානය

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක ශූරතා යොවුන් දැල් පන්දු තරගාවලියේ 19 වැනි ස්ථානය තේරීම සඳහා ග්‍රෙනඩාවට එරෙහිව සහභාගී වූ තරගයේදී ලකුණු 3 ක සියුම් ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. මෙම තරගයේ දී ශ්‍රී ලංකාව ලකුණු 51ක් ද ග්‍රෙනඩාව 48 ක් ද ලබා ගෙන තිබේ.

රටවල් 20ක් මෙවර ලෝක ශූරතා යොවුන් දැල් පන්දු තරගාවලියට  සහභාගී වූ අතර එහි දී සහභාගී වූ තරග 7 න්  6 ක්ම පරාජය වූ ශ්‍රී ලංකාවට තරගාවලියේ 19 වැනි ස්ථානය හිමිවිය.

තරගාවලියේ මුල් වටයේ දී ස්කොට්ලන්තය හමුවේ ලකුණු 69-48 ක් ලෙසද, උතුරු අයර්ලන්තය හමුවේ ලකුණු 56-44 ලෙසද, සැමෝවා රාජ්‍ය හමුවේ ලකුණු 73-49 ක් ලෙසද , නවසීලන්තය හමුවේ ලකුණු 125-15 ලෙසද පරාජයට පත්වූ ශ්‍රී ලංකාව, ශ්‍රේණිගත වටයේදී සිංගප්පූරුවට ලකුණු 63-36 ක් වශයෙන් ද, මලයාසියාවට  ලකුණු 57-53 වශයෙන්ද පරාජයට පත්විය.

2015 වසරේ හොංකොං හි පැවති ආසියානු යොවුන් දැල් පන්දු තරගාවලියේ ශූරයන් ලෙස ශ්‍රී ලංකාවත්,  අනු ශූරයන් ලෙස මලයාසියාවත්, තුන් වැනි ස්ථානය ලෙස  සිංගප්පූරුවත්  බොට්ස්වාවනා යොවුන් ලෝක ශූරතාවට සුදුසුකම් ලැබූහ. එසේ වුවත් ආසියානු යොවුන් ශූරයන් වූ ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ දී කලාපීය අනු ශූරයන්ට සහ 3 වැනි ස්ථානය ලැබූ  සිංගප්පූරුවට පරාජය වී තිබේ.

 


අදහස් (0)

ශ්‍රී ලංකාවට 19 වැනි ස්ථානය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.