Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අජ්මාන් නුවරදී පැවැති ආසියානු කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා තරගාවලියේදී ශ්‍රී ලංකාව එක් රන් පදක්කමක් එක් රීදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත් විය.
මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් හය දෙනකු හා ක්‍රීඩිකාවක් සහභාගි වූහ.
උසින් සෙන්ටිමීටර 170 ට වැඩි ෆිට් බොඩි - විවෘත (පිරිමි) ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන්නේ නදුන් උදය කුමාර විසිනි.ඔහු ක්ලැසික් කායවර්ධන - විවෘත (පිරිමි) ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් හිමි කර ගැනීමටත් සමත් විය.
තරගාවලියේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනා දුන්නේ රදීර් මනතුංග විසිනි.ඒ වයස 15 ත් 23 ත් අතර ( පිරිමි - කනිෂ්ඨ) ඉසව්වෙනි.කනිෂ්ඨ (පිරිමි - වයස 15 ත් 23 ත් අතර ශාරිරික යෝග්‍යතා ඉසව්වෙන් සෙසු ලෝකඩ පදක්කම හිමි කර ගත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වූයේ සිංහාර සිල්වාය.
ශ්‍රී ලංකාවෙන් මෙවර තරගාවලියට සහභාගි වූ ක්‍රීඩිකා ඒන්ජල් ප්‍රනාන්දු ඇතුළු සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතරින් සදරුවන් ගමගේ කිලෝග්‍රෑම් 70 බර පංතියෙන් හත් වැනි ස්ථානයටද, මනෝජ් ප්‍රනීත් ශාරිරික යෝග්‍යතා - විවෘත (පිරිමි) ඉසව්වෙන් හත් වැනි ස්ථානය හා ක්ලැසික් - කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා (පිරිමි) ඉසව්වෙන් හය වැනි ස්ථානයත් අත් කර ගත්හ.
ලෝකඩ පදක්කම්ලාභී සිංහාර සිල්වා තරග වැදුණු සෙසු ඉසව්ව වන ප්‍රදර්ශනාත්මක ශාරීරික යෝග්‍යතා (පිරිමි) ඉසව්වෙන් පස් වැනි ස්ථානයට පත් විය.
මේ අතර විශේෂ සිදුවීමක් වන්නේ රන් පදක්කම්ලාභී නදුන් උදය කුමාර තරග සංචාරය සදහා ක්‍රීඩා ඇමැතිවරයා අනුමැතිය දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව නොසිටීමයි.
ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කරන්නෙක් වන අතර මෙම තරග සංචාරයට එක්වූ ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝගය්‍යතා සම්මේලනයේ සභාපති රන්දීර් රුද්‍රිගු, ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු එල්.පී.කේ.බන්ඩාර හා පුහුණුකරු තුෂාර ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ අවසරයෙන් ඔහු තරගාවලියට එහි සිට ඇතුළත් කර ගෙන තිබේ.
කෙසේවූවත් නදුන් උදය කුමාර තේරීම් කමිටුව නම් නොකළ ක්‍රීඩකයකු සේම ඇමැති අනුමැතිය දුන් නිල ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් නොවූ ක්‍රීඩකයකුද වන බැවින් ඔහු තරගාවලියේදී දිනා ගත් පදක්කම් දෙකේ ශ්‍රී ලංකා හිමිකාරිත්වය සම්බන්ධයෙන් ගැටළුවක් පැන නැගීමට ඉඩ ඇතැයිද වාර්තාවේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.