Last Update  :  2025-10-25 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකාව තුර්ක්මෙනිස්ථානයට පරදී

ශ්‍රී ලංකාව තුර්ක්මෙනිස්ථානයට පරදී

editorial - 2025 ඔක් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ

බංග්ලාදේශයේ ඩැකා නුවරදී ඊයේ (23) පැවැති මධ්‍යම ආසියානු ජාතීන්ගේ  වොලිබෝල් (පිරිමි) තරගාවලියේ සිය දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාව තුර්ක්මෙනිස්ථානයට එරෙහිව වට 3 - 1 ක  පරාජයක් ලැබීය.

එහිදී  ලකුණු 22/25, 16/25, 25/20, 21/25 ක් ලෙස තුර්ක්මෙනිස්ථානය හමුවේ ශ්‍රී ලංකාව පරාජයට පත් විය. රටවල් පහක් ශ්‍රී ලංකාවට ප්‍රතිවාදීන් ලෙස රවුන්ඩ් රොබින් ක්‍රමය යටතේ පැවැත්වෙන මූලික වටයේ මුණ ගැසීමේදී අද (24) ඔවුන්ට මුණ ගැසීමට නියමිතව ඇත්තේ සත්කාරක බංග්ලාදේශයයි. තරගාවලියේ ඉදිරියට යාමට නම් ශ්‍රී ලංකාව අද තරගය ජය ගැනීම තීරණාත්මකය.

කෙසේවූවත් ශ්‍රී ලංකාව පෙරේදා  (22) තරගාවලියේ සිය ආරම්භක තරගයෙන් ඇෆ්ගනිස්ථානයට එරෙහිව වට 3/2 ක තියුණු ජයක් ලැබීය.

ලබන අගහරුවාදා (28 වැනිදා) දක්වා තරගාවලිය පැවැත්වේ. තරගාවලියේ ශූරතාව හා අනුශූරතාව ලබන කණ්ඩායම් දෙකම මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ ඉහළ ශ්‍රේණිගත ‘ඒ’ කාණ්ඩයට නිර්දේශ ලබයි. ශ්‍රී ලංකාව එහි ‘බී’ කාන්ඩයේ පහළට වැටීමෙන් මෙම තරගාවලියට සහභාගිවී සිටියි.

ඉරිදා (26) මාලදිවයින සමගත් හා සදුදා (27) නේපාලය සමගත් ශ්‍රී ලංකාව මූලික වටයේ තවත් තරග දෙකකට සහභාගි වීමට නියමිතය.


අදහස් (0)

ශ්‍රී ලංකාව තුර්ක්මෙනිස්ථානයට පරදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.