
සංචාරක බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන සිවුදින තරග 2 කින් සහ එක්දින තරග 3 කින් සමන්විත ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා ‘ඒ’ සිවුදින සහ එක්දින සංචිතවල නායකත්වය තුන් ඉරියවු ක්‍රීඩක අෂාන් ප්‍රියන්ජන්ට හිමිව තිබේ.
දෙරට අතර පැවැත්වෙන පළමු සිවුදින තරගය මේ මස 23 වැනිදා සිට 26 වැනිදා දක්වා කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර දෙවැනි සිවුදින තරගය මේ මස 30 වැනිදා සිට ඔක්තෝබර් මස 3 වැනිදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
පළමු සහ දෙවැනි එක්දින තරග දෙක ඔක්තෝබර් මස 7 වැනිදා සහ 9 වැනිදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර තෙවැනි එක්දින තරගය පැවැත්වෙන්නේ 12 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීය.
ශ්‍රී ලංකා සිවුදින සංචිතය
අෂාන් ප්‍රියන්ජන් (නායක), පැතුම් නිස්සිංක, සංගීත් කුරේ, ළහිරු උදාර, කමිඳු මෙන්ඩිස්, ප්‍රියමාල් පෙරේරා, අෂේන් බණ්ඩාර, මනෝජ් සරත්චන්ද්‍ර, චරිත් අසලංක, රමේෂ් මෙන්ඩිස්, නිෂාන් පීරිස්, මාලින්ද පුෂ්පකුමාර, ප්‍රභාත් ජයසූරිය, විෂ්ව ප්‍රනාන්දු, චාමික කරුණාරත්න, අසිත ප්‍රනාන්දු, මොහොමඞ් ශිරාස්, ශිරාන් ප්‍රනාන්දු සහ ජෙෆ්රි වැන්ඩසේ
ශ්‍රී ලංකා එක්දින සංචිතය
අෂාන් ප්‍රියන්ජන් (නායක), පැතුම් නිස්සිංක, සඳුන් වීරක්කොඩි, ළහිරු උදාර, කමිඳු මෙන්ඩිස්, ප්‍රියමාල් පෙරේරා, අෂේන් බණ්ඩාර, රමේෂ් මෙන්ඩිස්, අමිල අපොන්සු, ජෙෆ්රි වැන්ඩසේ, විෂ්ව ප්‍රනාන්දු, චාමික කරුණාරත්න, අසිත ප්‍රනාන්දු, ඉෂාන් ජයරත්න, ශිරාන් ප්‍රනාන්දු, සම්මු අෂාන් සහ අසේල ගුණරත්න
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.