Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඩුබායි නුවරදී පැවැති ඊයේ (9 වැනිදා) පැවැති එක්සත් අරාබි එමීර් ගෝන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100×4 සහාය දිවීමේ ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකා සහාය දිවීමේ කණ්ඩායම එම ඉසව්වේ සිවුවැනි ස්ථානයට පත් විය.
යුපුන් අබේකෝන්, චමෝද් යෝධසිංහ, මෙරාන් විජේසිංහ සහ දෙනෙත් වීරරත්න යන ක්‍රීඩකයන් නියෝජනය කළ ශ්‍රී ලංකා සහාය දිවීමේ කණ්ඩායමට මීටර් 100×4 සහාය දිවීමේ ඉසව්ව නිමා කිරීම සඳහා තත්පර 39.41 ක කාලයක් වැය විය.
මෙම ඉසව්වේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ඉන්දීය ‘ඒ’ කණ්ඩායම (තත්. 38.76) සමත් වූ අතර ඕමාන ‘ඒ’ කණ්ඩායම (තත්. 39.27) දෙවැනි ස්ථානයටත්, ඉන්දීය ‘බී’ කණ්ඩායම (තත්. 39.30) තෙවැනි ස්ථානයටත් පත්විය.
මේ අතර මීටර් 100 ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වූ චමෝද් යෝධසිංහ තත්පර 10.27 ක කාලයක් වාර්තා කරමින් එහි දෙවැනි ස්ථානයටද, යුපුන් අබේකොන් තත්පර 10.39 ක කාලයක් වාර්තා කරමින් එහි 6 වැනි ස්ථානයටත් පත්වූහ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.