Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා යොවුන් පිලේ නායකත්වය වෙල්ලාලගේට

ශ්‍රී ලංකා යොවුන් පිලේ නායකත්වය වෙල්ලාලගේට

editorial - 2021 නොවැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)
එංගලන්ත වයස 19 න් පහළ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන යොවුන් එක්දින තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායමේ නායකත්වය සඳහා මරදාන ශාන්ත ජොෂප් විදුහලේ දුනිත් වෙල්ලාලගේ පත්කර තිබේ.

තරග 5 කින් සමන්විත වන මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ උප නායකයා ලෙස කොළඹ නාලන්දා විදුහලේ රවීන් ද සිල්වා කටයුතු කරනු ඇත. ලබන වසරේදී (2022) පැවැත්වීමට නියමිත යොවුන් ලෝක කුසලාන තරගාවලියට සූදානම් වීමේ අරමුණින් මෙම තරගාවලිය සංවිධානය කර තිබේ.  

තරගාවලියේ පළමු තරගය හෙට (30 වැනිදා) පෙරවරු 9.30 සිට කොළඹ එස්.එස්.සී. කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ. ඉතිරි තරග 4 පිළිවෙලින් දෙසැම්බර් 3, 5, 8 සහ 10 යන දිනවලදී එම කී‍්‍රඩාංගණයේදීම පැවැත්වීමට නියමිතය.


ශ්‍රී ලංකා වයස 19 න් පහළ සංචිතය
දුනිත් වෙල්ලාලගේ (නායක), රවීන් ද සිල්වා (උප නායක), ෂෙවෝන් ඩැනියෙල්, අංජල බණ්ඩාර, පවන් පතිරාජ, සදිෂ රාජපක්ෂ, සදීෂ් ජයවර්ධන, වනුජ සහන් කුමාර, රනුද සෝමරත්න, මල්ෂ තරුපති, අභිෂේක් ලියනාරච්චි, තවීන් මැතිව්, සසංක නිර්මාල්, දනාල් හේමනන්ද, යසිරු රොද්‍රිගූ, මතීෂ පතිරණ, චමිඳු වික‍්‍රමසිංහ, ළහිරු අබේසිංහ, විනුජ රන්පුල් සහ සකුන ලියනගේ

 


අදහස් (0)

ශ්‍රී ලංකා යොවුන් පිලේ නායකත්වය වෙල්ලාලගේට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.