ඉන්දියාවේ ගෝව නගරයේ පැවැත්වෙන පෘතුගීසි යටත් විජිත (ලූසෆෝනියා) කී‍්‍රඩා උළෙලේදී රිදී සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගැනීමට ශ්‍රී ලංකා මේසපන්දු කණ්ඩායම සමත්විය.
ඉෂාරා මධුරංගිගේ නායකත්වයෙන් යුත් කාන්තා මේසපන්දු කණ්ඩායම එම රිදී පදක්කමට හිමි කම් කී අතර රොහාන් සිරිසේනගේ නායකත්වයෙන් යුත් පිරිමි මේසපන්දු කණ්ඩායම ලෝකඩ පදක්කමේ හිමිකරුවන් බවට පත්විය.
රොහාන් සිරිසේන, උදය රණසිංහ සහ නිර්මල ජයසිංහ ශ්‍රී ලංකා පිරිමි මේසපන්දු කණ්ඩායම නියෝජනය කළ අතර ඉෂාරා මධුරංගි, නුවනි නවෝදා සහ එරන්දි වරුසවිතාන කාන්තා මේසපන්දු කණ්ඩායම නියෝජනය කළහ.
ශ්‍රී ලංකා කී‍්‍රඩක කී‍්‍රඩාකාවන් අතුරින් ඉහළම දක්ෂතාව දැක්වූ ඉෂාරා මධුරංගි, ඉන්දියාව සමග පැවැති තරගයේදී ඉන්දියාවේ අංක දෙක ස්ථානයේ පසුවන මේසපන්දු කී‍්‍රඩිකාව වන මධුරිකා පට්කාර් පරාජය කිරීමට සමත්වූවාය.
ලීග් ක‍්‍රමයට පැවැති මෙම තරගාවලියේ පිරිමි සහ කාන්තා රන් පදක්කම් ද්විත්වයම දිනාගැනීමට ඉන්දීය මේසපන්දු කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සමත්වූහ. එහි පිරිමි රිදී පදක්කම පෘතුගාලයටත්, කාන්තා ලෝකඩ පදක්කම මෙක්සිකෝවටත් හිමිවිය.
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.