ඉන්දියාවේදී පැවැති ‘චැලෙන්ජර්’ කුසලාන වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ ඊයේ (2 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී ඉන්දීය ‘බ්ලූ’ කණ්ඩායම හමුවේ ලකුණු 95 කින් පරාජයට පත්වීම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමට එහි අනු ශූරතාවයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.
ජයග්‍රහණය සඳහා ලකුණු 245 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමට ඕවර 45.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 149 ක් පමණි. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ නිෂාන් මධුෂංක පන්දු 58 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 44 ක් රැස්කළ අතර අර්ධ ශතකය පෙනි පෙනී තිබියදී ඉතා අවාසනාවන්ත ලෙස දුවද්දී දැවීයාමකට හසුවෙමින් දැවී ගියේය.
ඉන්දීය ‘බ්ලූ’ කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිතර වූ ශිවම් මාවි සහ එන්.ඒ. තාකරේ කඩුලු 3 බැගින් බිඳහෙළමින් ශ්‍රී ලංකා ඉනිම සුණුවිසුණු කර දැමූහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය ‘බ්ලූ’ කණ්ඩායම ඕවර 50 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 244 ක් රැස්කළ අතර එහිදී අර්ධ ශතක ලබාගැනීමට එච්.ජේ. රානා (78), උර්විල් පටේල් (57) සහ එම්.එස්. භාණ්ඩගේ සමත් වූහ.
ඉන්දීය පිතිකරුවන් අසරණ කළ නායක අයණ සිරිවර්ධන ලකුණු 36 කට කඩුලු 4 ක් දවාගැනීමට සමත් වූ අතර රවිඳු සංජන ලකුණු 42 කට කඩුලු 3 ක්ද, නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 41 කට කඩුලු 2 ක්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ඉන්දීය ‘බ්ලූ’ කණ්ඩායම - ඕවර 50 කදී සියලු දෙනා දැවී 244
(එච්.ජේ. රානා 78, උර්විල් පටේල් 57, එම්.එස්. භාණ්ඩගේ 53, අයණ සිරිවර්ධන 36/4, රවිඳු සංජන 42/3, නුවනිඳු ප්‍රනාන්දු 41/2)
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම - ඕවර 45.4 කදී සියලු දෙනා දැවී 149
(නිපුන ධනංජය 18, නුවනිඳු ප්‍රනාන්දු 17, නිෂාන් මධුෂංක 44, රවිඳු සංජන 28, ශිවම් මාවි 15/3, එන්.ඒ. තාකරේ 28/3)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.