පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පැවැත්වෙන දකුණු ආසියානු කනිෂ්ඨ මේසපන්දු තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම ඉකුත්දා දිවයිනෙන් පිටත්ව ගියේය.
පිටත්වගිය ශ්‍රී ලංකා කණ්ඩායම කී‍්‍රඩකයන් 7 දෙනකුගෙන්, කී‍්‍රඩිකාවන් 7 දෙනකුගෙන් සහ නිලධාරීන් 4 දෙනකුගෙන් සමන්විත වේ.
මනුර ප‍්‍රනාන්දු මහතා කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කරන අතර චතුර ද සිල්වා සහ තුෂාර සම්පත් යන මහත්වරු පුහුණුකරුවන් ලෙස කටයුතු කරති. පි‍්‍රයානි දිසානායක මහත්මිය කාන්තාවන් භාර නිලධාරිනිය ලෙස කණ්ඩායමට එක්ව සිටින්නීය.
ඊයේ දිනායෙන් (27) ආරම්භ වූ මෙම තරගාවලිය එළඹෙන 29 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා (බාලක) කණ්ඩායම
ප‍්‍රසාද් ද සිල්වා (මහනුවර විද්‍යාර්ථ විදුහල), සුපුන වරුසවිතාන (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල), කි‍්‍රෂාන් වික‍්‍රමරත්න (මහනුවර විද්‍යාර්ථ විදුහල), චින්තක ඒකනායක (මහනුවර විද්‍යාර්ථ විදුහල), දිනේෂ් කවිෂ්ක (මහනුවර විද්‍යාර්ථ විදුහල), දිෂංක තෙන්නකෝන් (මහනුවර ධර්මරාජ විදුහල), හිම්සර ද සිල්වා (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල)
ශ්‍රී ලංකා (බාලිකා) කණ්ඩායම
රුවිනි කන්නංගර (කොළඹ මියුසියස් විදුහල), මුතුමාලි පි‍්‍රදර්ෂණී (අම්බලන්ගොඩ දේවානන්ද විදුහල), තෙදිනි තුෂාරා (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල), පවනි සිරිසේන (කුරුණෑගල මලියදේව බාලිකා විදුහල), ශේෂලා බණ්ඩාර (මහනුවර මහාමායා විදුහල), හංසනී කපුගීකියන (කොළඹ විශාකා විදුහල), චමත්සරා ප‍්‍රනාන්දු (කොළඹ විශාකා විදුහල)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.