Last Update  :  2025-05-24 19:25:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා නැඟී එන පිල ඇන්ටිගුවා යයි

ශ්‍රී ලංකා නැඟී එන පිල ඇන්ටිගුවා යයි

editorial - 2025 මැයි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම ලබන මස මැද භාගයේදී ඇන්ටිගුවා දිවයිනේ තරග සංචාරයකට සහභාගි වීමට නියමිතය. බටහිර ඉන්දීය දූපත් සමූහයට අයත් ඇන්ටිගුවා දිවයිනේදී පැවැත්වෙන මෙම තරගාවලියට සිව්දින (පළමු පෙළ) තරග දෙකක් සහ නිල නොවන එක්දින තරග 3 ක් ඇතුළත් වේ. 
 
සිව්දින තරග දෙකම ඇන්ටිගුවා දිවයිනේ කූලිජ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. එක්දින තරග තුනම ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
 
කොදෙව් නැඟී එන කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් කටයුතු කරන්නේ ශ්‍රී ලාංකිකයකු වන රමේෂ් සුබසිංහ මහතාය. 
 
 
තරග කාලසටහන 
ජූනි 7 - 10 : පළමු සිව්දින තරගය 
ජූනි 14 - 17 : දෙවැනි සිව්දින තරගය 
ජූනි 21 : 1 වැනි එක්දින තරගය
ජූනි 24 : 2 වැනි එක්දින තරගය
ජූනි 26 : 3 වැනි එක්දින තරගය

අදහස් (0)

ශ්‍රී ලංකා නැඟී එන පිල ඇන්ටිගුවා යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.