Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා ක‍්‍රිකට් සම්මාන අද

ශ්‍රී ලංකා ක‍්‍රිකට් සම්මාන අද

දිලිනි මල්රුක්ෂි - 2013 සැප් මස 10 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය 5 වැනි වරට සංවිධානය කරන ශ්‍රී ලංකාවේ ප‍්‍රධානතම ක‍්‍රිකට් සම්මාන උළෙල වන ‘ඩයලොග් ශ්‍රී ලංකා ක‍්‍රිකට් සම්මාන උළෙල 2013’ අද (10) රාත‍්‍රි 7.30 සිට බත්තරමුල්ල වෝටර්ස් ඒජ්හිදී පැවැත්වේ.

මෙම සම්මාන රාත‍්‍රියේදී 2012-2013 තරගවාරයේ දේශිය සහ අන්තර්ජාතික මට්ටමේ දක්‍ෂතා දැක්වූ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 150 කට ආසන්න සංඛ්‍යාවක් සම්මාන ලැබීමට නියමිතය. ‘ඩයලොග් වසරේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයා’ සහ ‘වසරේ ඩයලොග් ජනප‍්‍රිය ක‍්‍රිකට් ක‍්‍රීඩකයා’ යන සම්මානවලට මෙහිදී විශේෂ ස්ථානයක් හිමිවේ.

මෙවර සම්මාන උළෙලට 1996 ලෝක ශූර කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග මහතා ඇතුළු සියලූම හිටපු ක‍්‍රිකට් නායකයන්ට ආරාධනාකර තිබේ. මේ අවස්ථාවට විශේෂ ආරාධිත අමුත්තකු ලෙස ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතාද සහභාගි වීමට නියමිතය.


අදහස් (2)

ශ්‍රී ලංකා ක‍්‍රිකට් සම්මාන අද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.