Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වොලිබෝල් ලේකම් මැනිලා නුවරට

වොලිබෝල් ලේකම් මැනිලා නුවරට

editorial - 2022 ජුනි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

පිලිපීනයේ ‘මැනිලා’ නුවරදී පැවැත්වෙන ජාත්‍යන්තර වොලිබෝල් සමුළුවට සහභාගි වී සිටින අන්තර් ජාතික වොලිබෝල් සම්මේලනයේ සභාපති බ්‍රසීල ජාතික ආචාර්ය ඇරී ග්‍රාසා මහතා හා ආසියානු වොලිබෝල් සමුළුවේ සභාපතිනි ඉන්දුනීසියානු ජාතික රීටා සුබෝබෝ  මහත්මිය මුණගැසීම සඳහා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක මහතා අද (21) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව සිටියේය.

මෙහි අරමුණ ශ්‍රී ලංකාවේ වත්මන් අයහපත් ආර්ථික තත්ත්වයේ බලපෑම්වලින් මිදී මෙරට ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් ක්‍රීඩාව තවදුරටත් පවත්වාගෙන යාම සඳහා අන්තර් ජාතික හා ආසියානු සමුළු දෙකෙන් සහන සළසා ගැනීමය.

ඒ සඳහා ඒවායෙහි වත්මන් සභාපතිවරුන්ගේ අවධානය යොමු කිරීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම්වරයාගේ ‘මැනිලා’ සංචාරයෙන් අපේක්ෂා කෙරේ.

එහිදී ආසියානු සමුළු සභාපතිනි  සුබෝබෝ මහත්මිය මුණ ගැසීමේ විශේෂිතම අරමුණ වන්නේ ජාත්‍යන්තර තරග සහභාගිත්වයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට පැනවී තිබෙන ඩොලර් 15000 ක දඩය ඉවත්කර ගැනීම හෝ අඩුම තරමින් දඩය ලිහිල් කර ගැනීමයි.

ශ්‍රී ලංකාවේ දැන් පවතින තත්වය සම්බන්ධයෙන් මෙහිදී ආසියානු හා ලෝක සමුළු සහභාපතිවරුන් දෙදෙනාගේ අවධානයට යොමු කිරීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය අපේක්ෂා කරයි.

මේ අතර ලෝක සම්මේලනයේ සභාපති ආචාර්ය ඇරි ග්‍රාසා මුණගැසීමේදී ශ්‍රී ලංකාවට ප්‍රදානය කිරීමට නියමිත රුපියල් කෝටියක් පමණ වන වොලිබෝල් පලස ඉක්මනින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ඔහුගේ අවධානය යොමු කෙරේ.
ගෘහස්ථ වොලිබෝල් පිටි සඳහා යොදා ගන්නා මෙම පලස ගාල්ල දඩල්ල ජාතික වොලිබෝල් පිටියට අයත් ගෘහස්ථ පිටියේ ඇතිරීමට කටයුතු කෙරේ.

මේ අතර ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් කාන්තා හා පිරිමි සංචිත පුහුණුවීම් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සිව් අවුරුදු සංවර්ධන සැලැස්මක් අන්තර්ජාතික වොලිබෝල් සම්මේලනයේ සභාපතිවරයාගේ අවධානයට යොමු කෙරේ. එහි අරමුණ ඒ සඳහා අන්තර් ජාතික සම්මේලනයේ අනුග්‍රහය ලබා ගැනීමය.

ඒ හැරෙන්නට මෙරටදී ජාත්‍යන්තර තරග මාලා කීපයක් සංවිධානය කිරීම සඳහා සැළසුම් ඉදිරිපත් කරමින් ඒ සඳහා සහන සළසා ගැනීමත් ආසියානු හා ලෝක සමුළු වොලිබෝල් සභාපතිවරුන් මුණගැසීම ශ්‍රී ලංකාවේ අරමුණ වී තිබේ.


අදහස් (0)

වොලිබෝල් ලේකම් මැනිලා නුවරට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.