Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වොලිබෝල් ලෙජන්ඩ්ස් සිලෝන් ටු ශ්‍රී ලංකා සුසිල් රණසිංහගේ ග්‍රන්ථය එළිදකී

වොලිබෝල් ලෙජන්ඩ්ස් සිලෝන් ටු ශ්‍රී ලංකා සුසිල් රණසිංහගේ ග්‍රන්ථය එළිදකී

editorial - 2021 නොවැ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවේ වොලිබෝල් ක්‍රීඩා ඉතිහාසය සැකවින් දැක්වෙන සුසිල් රණසිංහ මහතා රචිත ‘වොලිබෝල් ලෙජන්ඩ්ස් සිලෝන් ටු ශ්‍රී ලංකා (Volleyball Legends Ceylon to Sri Lanka) ග්‍රන්ථය කොළඹ ගලුමුවදොර හෝටලයේදී එළිදක්වනු ලැබිණ.   උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත සුසිල් රණසිංහ මහතා පළමු පිටපත ප්‍රදානය කළේය. 

ශ්‍රී ලංකාවේ වොලිබෝල් ක්‍රීඩා ඉතිහාසය ඇතුළත් සිංහල ග්‍රන්ථ කිහිපයක්ම මීට පෙරත් රචනා කර ඇති කතුවරයා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ හිටපු ලේකම්වරයෙකු ද වේ. නව ග්‍රන්ථයෙන් 1954 සිට 2021 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ වොලිබෝල් ක්‍රීඩා ඉතිහාසයේ සිදුවීම් හා තරග තොරතුරු ඉදිරිපත් කර තිබේ. 

මෙම උත්සවයට ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන්, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති කංචන ජයරත්න, එහි ලේකම් ඒ.එස්. නාලක, වොලිබෝල් සම්මේලනයේ හිටපු සභාපතිවරුන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා සහ නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය යන මහත්වරුන් ඇතුළු ආරාධිතයෝ රැසක් සහභාගි වූහ.

 


අදහස් (0)

වොලිබෝල් ලෙජන්ඩ්ස් සිලෝන් ටු ශ්‍රී ලංකා සුසිල් රණසිංහගේ ග්‍රන්ථය එළිදකී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.