Last Update  :  2025-11-07 19:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වෙළෙඳ සේවා සත් සාමාජික හොකී තරග හෙට පී. සරා ඕවල් පිටියේදී

වෙළෙඳ සේවා සත් සාමාජික හොකී තරග හෙට පී. සරා ඕවල් පිටියේදී

editorial - 2025 නොවැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

වෙළෙඳ සේවා හොකී සංගමය සංවිධානය කරන 47 වැනි වෙළෙඳ සේවා සත් සාමාජික හොකී තරගාවලිය අනිද්දා (9 වැනිදා) පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙවර තරගාවලියේදී කණ්ඩායම් 26 ක් නියෝජනය කරමින් ක්‍රීඩකයෝ 250 කට අධික සංඛ්‍යාවක් කාණ්ඩ 6 ක් යටතේ තරග වැදීමට සූදානමින් සිටිති.

පළමු වරට 1973 වසරේදී ආරම්භ වූ වෙළෙඳ සේවා සත් සාමාජික හොකී තරගාවලිය ශ්‍රී ලංකාවේ දීර්ඝතම කාලයක් පුරා පැවැත්වෙන හොකී තරගාවලිය ලෙසද හැඳින්වේ. මෙවර තරගාවලියට වෙළෙඳ සේවා හොකී සංගම් සභාපති කුසලාන කාණ්ඩයද සමග ‘ඒ’, ‘බී’, ‘සී’, ‘ඩී’, ‘ඊ’ ලෙස තවත් කාණ්ඩ 5 ක් ඇතුළත්ව තිබේ.  

මූලික වටයේදී සියලුම කාණඩවල ලීග් ක්‍රමයට අනුව තරග පැවැත්වෙන අතර මූලික වටය අවසානයේ එක් එක් කාණ්ඩවල පළමු සහ දෙවැනි ස්ථාන හිමිකරගන්නා කණ්ඩායම් අවසන් මහ තරගවලට සුදුසුකම් ලබනු ඇත. ශ්‍රී ලංකා ජාතික ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ හොකී කණ්ඩායම්වල සාමාජිකයන්ද තරග වදින මෙම තරගාවලියේ අවසන් තරග හෙට පස්වරු 3.00 ට ඇරඹෙන අතර, ‘ඒ’ කාණ්ඩයේ අවසන් මහ තරගය හෙට පස්වරු 4.30 ට පැවැත්වෙනු ඇත. 

ජනශක්ති සමූහ ව්‍යාපාරය, බ්‍රවුන්ස් සමූහ ව්‍යාපාරය, සිලෝන් කෝල්ඩ් ස්ටෝස් සහ හෙලියන් පුද්ගලික සමාගමේ අනුග්‍රහය යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ බ්‍රවුන්ස් සහ සමාගමේ සමූහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මංගල විජේසිංහ මහතා සහභාගි වීමට නියමිතය. සිංගර් ශ්‍රී ලංකා සමාගමේ මානව සම්පත් අධ්‍යක්ෂ රොෂාන් කුලසූරිය මහතා ගෞරවණීය ආරාධිතයකු ලෙස තරගාවලියට එක්වනු ඇත. 


තරග පැවැත්වෙන කාණ්ඩ 
‘ඒ’ කාණ්ඩය (ඩෙනිස් ද රොසයිරෝ කුසලාන) - හැටන් නැෂනල් බැංකුව, සම්පත් බැංකුව, සෙලාන් බැංකුව, මාස් හෝල්ඩිංග්ස් සහ කොමර්ෂල් බැංකුව 

‘බී’ කාණ්ඩය (සිංගර් කුසලාන) - හේලිස් සමූහය, බ්‍රවුන්ස් සමහය, ජෝන් කීල්ස්, සී.අයි.ඒ.පී., ජනශක්ති ෆිනෑන්න්ස් 

‘සී’ කාන්ඩය (එම්.එච්.ඒ. කුසලාන) - ඩේවිඩ් පීරිස් සමාගම, එන්.ටී.බී., එච්.එස්.බී.සී., ෆියුචර් ලයිෆ් හෝල්ඩිංග්ස් 

‘ඩී’ කාණ්ඩය (එඩ්මන්ඩ් ජේ. කුරේ කුසලාන) - සිංගර්, එස්.එල්.ටී., හේමාස් සමූහය 
‘ඊ’ කාණ්ඩය (සිලෝන් කෝල්ඩ් ස්ටෝස් කුසලාන) - සිලෝන් ටොබැකෝ, ඩිලොයිටී, ඉන්කියුබ් සොලූෂන් සමාගම 

වෙළෙඳ සේවා හොකී සංගම් සභාපති කුසලාන - කොමර්ෂල් බැංකු ‘බී’ කණ්ඩායම, බ්‍රවුන්ස් ‘බී’ කණ්ඩායම, මාස් හොංල්ඩිංග්ස් ‘බී’ කණ්ඩායම, හැටන් නැෂනල් බැංකු ‘බී’ කණ්ඩායම සහ එන්.ටී.බී. ‘බී’ කණ්ඩායම 


අදහස් (0)

වෙළෙඳ සේවා සත් සාමාජික හොකී තරග හෙට පී. සරා ඕවල් පිටියේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.