Last Update  :  2025-05-03 18:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වෙළෙඳ සේවා බැඩ්මින්ටන් තරගාවලියට තරගකරුවෝ 1200 ක්

වෙළෙඳ සේවා බැඩ්මින්ටන් තරගාවලියට තරගකරුවෝ 1200 ක්

දිලිනි මල්රුක්ෂි - 2013 නොවැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය ගෘහස්ථ කී‍්‍රඩාගාරයේදී මේ දින වල පැවැත්වෙන වෙළෙඳ සේවා අන්තර් සමාගම් කණ්ඩායම් බැඩ්මින්ටන් තරගාවලියට සමාගම් 68 ක් නියෝජනය කරමින් කණ්ඩායම් 198 ක් සහභාගීවෙති.

එහිදී කාණ්ඩ 22 ක් යටතේ කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 1200 කට ආසන්න සංඛ්‍යාවක් තරගවදින අතර එය ඉකුත් වසරේ සහභාගීත්වයට වඩා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 400 දෙනකුගේ පමණ වැඩි වීමක් බව වෙළෙඳ සේවා බැඩ්මින්ටන් සංගමයේ සභාපති නිරෝධ ද කොස්තා මහතා පවසයි.

මෙවර තරගාවලිය සඳහාද නිලූක කරුණාරත්න, දිනුක කරුණාරත්න, ලක්ෂාන් සිල්වා, හසිත චානක, තිළිණි ජයසිංහ, චන්ද්‍රිකා ද සිල්වා, ලේඛා ශෙහානි, අචිනි රත්නසිරි වැනි ජාතික බැඞ්මින්ටන් ශ්‍රේණිගත කිරීම් වල පෙරමුණේ පසුවන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සහභාගීවීම  නිසා තරගාවලිය අවසන් භාගයේ ඉහළ තරගකාරීත්වයක් බාලාපොරොත්තු විය හැකි බව ඊට සහභාගීවී සිටින විනිසුරුවන්ගේ සහ පුහුණුකරුවන්ගේ මතයයි.

ඉකුත් වසරේ පැවති තරගාවලියේ ශූරතාව නේෂන් ට‍්‍රස්ට් බැංකුව දිනාගත් අතර අනුශූරතාව හැටන් නැෂනල් බැංකුවට හිමිවිය.  
මැක්ලරන්ස් සමාගම නියෝජනය කළ නිලූක කරුණාරත්න එවර තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙසත්, හැටන් නැෂනල් බැංකුව නියෝජනය කළ මධූෂා දිසානායක දක්ෂතම කී‍්‍රඩිකාව ලෙසත් සම්මාන ලැබූහ.

ඩියුලක්ස් සමාගමේ ප‍්‍රධාන අනුග‍්‍රහයෙන්, වෙළෙඳ සේවා බැඞ්මින්ටන් සංගමය සංවිධානය කරන මෙම තරගාවලිය දෙසැම්බර් මස 1 වැනිදා දක්වා පැවැත්වේ.


අදහස් (0)

වෙළෙඳ සේවා බැඩ්මින්ටන් තරගාවලියට තරගකරුවෝ 1200 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.