Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වෙළෙද සේවා හොකී තරගාවලිය 20 වැනිදා

වෙළෙද සේවා හොකී තරගාවලිය 20 වැනිදා

සංජය එරමුදුගොඩ - 2013 ඔක් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තිස් හත්වැනි වාර්ෂික වෙළෙද සේවා සත් සාමාජික හොකී තරගාවලිය මේ මස 20 වැනිදා පෙරවරු 8.00 සිට කොළඹ පී. සරවනමුත්තු කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

ඒ, බී, සී, ඞී සහ ඊ ලෙස කාණ්ඩ 5 යටතේ තරග පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 24 ක් සහභාගී වීමට නියමිතය.

ඩෙනිස් ද රොසයිරෝ කුසලානය වෙනුවෙන් ‘ඒ’ කාණ්ඩය යටතේ කොමර්ෂල් බැංකු ‘ඒ’, හැටන් නැෂනල් බැංකු ‘ඒ’, සම්පත් බැංකුව සහ සිංගර් සමාගම යන කණ්ඩායම් තරග වදින අතර සිංගර් කුසලානය සඳහා එච්. එස්. බී. සී., හැටන් නැෂනල් බැංකු ‘බී’, කොමර්ෂල් බැංකු ‘බී’, පී.එල්.සී., බ‍්‍රවුන් සහ සමාගම සහ ගුවන් තොටුපළ සහ ගුවන් සේවා ‘ඒ’ යන කණ්ඩායම් ‘බී’ කාණ්ඩයෙන් තරග වදිති.

යුනිලීවර්ස්, ඒ. අයි. ඒ., ආර්පිකෝ, හේලීස් සමූහ ව්‍යාපාරය, බිවෙටා සහ සෙපාරා යන කණ්ඩායම් ‘සී’ කාණ්ඩය යටතේ ලයිෆ් බෝයි කුසලානය වෙනුවෙන්ද, එන්. ටී. බී., ගුවන් තොටුපළ සහ ගුවන් සේවා ‘බී’, ඒ.ඩබ්ලිව්.ඞී., එච්.ඞී.පී.එල් යන කණ්ඩායම් ‘ඞී’ කාණ්ඩය යටතේ එඞ්මන්ඞ් එච්. කුරේ කුසලානය වෙනුවෙන්ද තරග බිමට පිවිසීමට නියමිතය.

කොළඹ හිල්ටන්, ඩබ්ලිව්.එස්. ඕ. 2 සහ ස්මිත් ලයින් බීකැම් පී.එල්.සී. යන කණ්ඩායම් සිලෝන් කෝල්ඞ් ස්ටෝර්ස් කුසලානය වෙනුවෙන් තරග වැදීම සඳහා ‘ඊ’ කාණ්ඩය යටතේ තරගාවලියට එක්ව සිටිති.

වෙළෙද සේවා හොකී සංගමය විසින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස පී.එල්.සී. බ‍්‍රවුන් සහ සමාගම කටයුතු කරති.

 


අදහස් (0)

වෙළෙද සේවා හොකී තරගාවලිය 20 වැනිදා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.