Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන අන්තර් පාසල් පළමු කොටසේ රග්බි තරගාවලියේ සිවුවැනි සතිය යටතේ කොළඹදී පැවැති මූලික වටයේ තරගවලදී ජය වාර්තා කිරීමට කොළඹ වෙස්ලි, ඉසිපතන, රාජකීය සහ මහනුවර ත්‍රිතව විදුහල් සමත් විය.
මෙම විදුහල් 4 මෙවර තරගාවලියේදී පිට පිටම ලැබූ සිවුවැනි ජය මෙය වූ අතර ඒ අනුව තවදුරටත් තරගාවලිය තුළ සිය අපරාජිත බව රැකගැනීමටද ඔවුන්ට හැකි විය.
එම තරගවලදී පිළිවෙළින් බම්බලපිටිය ශාන්ත පීතර, මරදාන සහිරා, මහනුවර විද්‍යාර්ථ, මරදාන ශාන්ත ජෝෂප් විදුහල් පරාජයට පත් විය. මූලික වටයේ අවසන් සතියේ තරග එළබෙන සෙනසුරාදා (5 වැනිදා) පැවැත්වීමට නියමිතය.
තරග ප්‍රථිඵල
■ හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදී වෙස්ලි විදුහල විසින් ලකුණු 23-05 ක් ලෙස ශාන්ත පීතර විදුහල පරාජය කරන ලදි.
■ සහිරා විදුහල් ක්‍රීඩාංගණයේදී ඉසිපතන විදුහල විසින් ලකුණු 38-27 ක් ලෙස සහිරා විදුහල පරාජය කරන ලදි.
■ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී රාජකීය විදුහල විසින් ලකුණු 29-07 ක් ලෙස විද්‍යාර්ථ විදුහල පරාජය කරන ලදි.
■ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩාංගණයේදී ත්‍රිත්ව විදුහල විසින් ලකුණු 29-07 ක් ලෙස ශාන්ත ජෝෂප් විදුහල පරාජය කරන ලදි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.