තංගල්ල පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ සේවය කරන පොලිස් කොස්තාපල් වැලිකුඹුර කට්ටාඩිගේ සරත්චන්ද්‍ර මහතා චීනයේ ෂැංහයි නගරයේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර වුෂු විනිසුරු පරීක්ෂණය සඳහා සහභාගි වීම සඳහා පිටත්ව ගියේය. එම පරීක්ෂණය මේ මස 25 වැනිදා සිට 31 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
වලස්මුල්ල මහ විදුහලින් අධ්‍යාපනය ලබා ඇති සරත්චන්ද්‍ර මහතා කුඩා කාලයේ සිටම වුෂු ක‍්‍රීඩාවේ යෙදී ඇති 2008 දී චීනයේ චුනාත් නගරයේ දී පැවැති තුන් වන සාම්ප‍්‍රදායික ලෝක වුෂු තරගාවලියේ ලෝකඩ පදක්කම් දෙකක් දිනාගැනීමටද සමත් විය. වසර 2009 සිට මේ දක්වාම ජාතික තේරීම් කමිටුව නියෝජනය කරමින් වසර තුනකදී සභාපතිවරයා ලෙසට ද කටයුතු කර ඇත.
වසර 4 ක කාලයක් ජාත්‍යන්තර වූෂූ විනිසුරුවරයකු ලෙස කටයුතු කර ඇති සරත්චන්ද්‍ර මහතා මෙවර ඉදිරිපත් වන්නේ ‘ඒ’ ශ්‍රේණියේ පරීක්‍ෂණය වෙනුවෙනි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.