Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news විෂ්මිගෙන් වේගවත් ලකුණු 400 ක්

විෂ්මිගෙන් වේගවත් ලකුණු 400 ක්

editorial - 2022 අප්‍රේ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

වයස 19 න් පහළ බාලිකා අන්තර් පාසල් සීමිත ඕවර ක්‍රිකට් තරගාවලි යටතේ අද (21 වැනිදා) පැවැති තරගයකදී නොදැවී ලකුණු 417 ක් රැස්කිරීමට ගම්පහ රත්නාවලී බාලිකා විදුහලේ විෂ්මි ගුණරත්න සමත් වූවාය. එහිදී පන්දු 128 කට මුහුණදුන් ඇය, හයේ පහර 29 කින් සහ හතරේ පහර 49 කින් සිය ඉනිම සැරසුවාය.  

විෂ්මිගේ මෙම ඉනිම මෙරට පාසල් ක්‍රිකට් තරගාවලියකදී ක්‍රීඩිකාවක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසද වාර්තා අතරට එක් විය. මින් පෙර පාසල් ක්‍රීඩිකාවක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවට හිමිකම් කීවේ නොදැවී ලකුණු 374 ක් රැස්කළ නුගේගොඩ අනුලා විදුහලේ කෞෂිනී නුත්‍යංගා විසිනි.  

මීගමුවේදී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් රත්නාවලී බාලිකා විදුහල, විෂ්මිගේ අනුකම්පා විරහිත පිතිහරඹය හේතුවෙන් නියමිත ඕවර 30 අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 567 ක් ලබා ගත්තේය.

පළමු කඩුල්ල වෙනුවෙන් කාව්‍යා පින්සිත් (15) සමග එක්ව පන්දු 62 කදී ලකුණු 151 ක සම්බන්ධතාවක් ගොඩනැගූ විෂ්මි, ඉන් නොනැවතී දෙවැනි කඩුල්ල වෙනුවෙන් සඳලි වීරසිංහ (78) සමග එක්ව පන්දු 109 කදී ලකුණු 352 ක දැවැන්ත සම්බන්ධතාවක් ගොඩනැගීමටද සමත් වූවාය.  

ජයග්‍රහණය සඳහා ලකුණු 568 ක ඉලක්කයක් හඹාගිය ජයසිරිපුර කනිෂ්ඨ විදුහලට උමායා රත්නායක (11/5) ප්‍රමුඛ රත්නාවලි විදුහල් පන්දු යවන්නියන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 14.3 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 35 ක් පමණි.


රත්නාවලි බාලිකා විදුහල - ඕවර 30 කදී කඩුලු 2 ක් දැවී 567
(විෂ්මි ගුණරත්න නොදැවී 417, සඳලි වීරසිංහ 78)

ජයසිරිපුර කනිෂ්ඨ විදුහල - ඕවර 14.3 කදී සියලු දෙනා දැවී 35
(උමායා රත්නායක 11/5)


අදහස් (0)

විෂ්මිගෙන් වේගවත් ලකුණු 400 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.