Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news විශේෂ මහ සභාව උණුසුම් වන ලකුණු

විශේෂ මහ සභාව උණුසුම් වන ලකුණු

editorial - 2023 දෙසැ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ විශේෂ මහ සභා රැස්වීමක් අනිද්දා (23) පෙරවරු 10.00 ට ටොරින්ටන් පෙදෙසේ ජාතික ඔලිම්පික් කමිටු ශ්‍රවනාගාරයේදී පැවැත්වේ. පසුගිය නිල කාලයේ සම්මේලනයේ ගිණුම් වාර්තා අනුමත කර ගැනීම හා ඉදිරියේදී කැඳවෙන සම්මේලනයේ නිලවරණය සඳහා (2024-26) වන නිලවරණ කමිටුව පත්කර ගැනීම හෙට කැඳවෙන විශේෂ මහ සභා රැස්වීමේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබේ.

මල්ලවපොර සම්මේලනයේ වත්මන් සභාපති සරත් හේවාවිතාරණ මහතා පවසන්නේ මෙම විශේෂ මහ සභා රැස්වීම කැඳවන්නේ එවකට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා හා ඇතිකරගත් එකඟතාවයකට අනුව බවයි. පසුගිය ඔක්තෝබර් 24 වැනිදා මල්ලවපොර සම්මේලනයේ විධායක සභාව හා දිස්ත්‍රික් සංගම් සහභාගිත්වයෙන් එවකට ක්‍රීඩා ඇමැති ධුරය දැරූ රොෂාන් රණසිංහ මහතා මූලාසනය දැරූ සාකච්ඡාවකදී මෙම එකඟතාව ඇතිකර ගත් බවත් සරත් හේවාවිතාරණ මහතා පැවැසීය.

මල්ලවපොර සම්මේලනයේ දැනට සාමාජිකත්වය දරන දිස්ත්‍රික් සංගම් හතක හා ත්‍රිවිධ හමුදාව නියෝජනය කරන මලල්වපොර සංගම් තුනක් හෙට විශේෂ මහ සභා රැස්වීමේදී අසුන්ගැනීමට නියමිතය.

කෙසේ වුවත් කොළඹ හා ගම්පහ යන දිස්ත්‍රික් සංගම් හි පාර්ශ්ව කීපයක්ම ඒවායෙහි නිලධාරි මණ්ඩල ලෙස පෙනී සිටින අතර එහිදී ජාතික ක්‍රීඩා සභාව සමග පැවැති සාකච්ඡාවේදී අර්ජුන රණතුංග මහතා උපදෙස් දී ඇත්තේ බෙදී සිටින පාර්ශ්ව එක්සත් වෙමින් ඒවායෙහි එකම නිලධාරි මණ්ඩලයකට එක්වෙමින් කටයුතු කරන ලෙසයි.

මෙම බෙදී සිටින දිස්ත්‍රික් සංගම්හි නිලධාරීන් මීට පෙර අවස්ථා දෙකකදීම විශේෂ මහ සභා රැස්වීමක් කැඳවීමට දැරූ උත්සාහයන්ට බාධා පැමිණ වූ බව පැවැසූ සරත් හේවාවිතාරණ මහතා ඔවුන්ගේ උත්සාහය ගිණුම් වාර්තා අනුමත කර ගැනීමට බාධා පමුණුවමින් මෙවරත් එය කඩාකප්පල් කිරීම බවත් පැවැසීය.

ඊට මෙවර ඉඩ නොතබන බවත් කොළඹ දිස්ත්‍රික් සංගමය වෙනුවෙන් මෙම විශේෂ මහ සභා රැස්වීමට සහභාගිවීමට නීත්‍යානුකූල අනුමැතිය ලැබී ඇත්තේ රසික සංජීව මහතා සභාපති ධුරය දරන පාර්ශ්වයට බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.


අදහස් (0)

විශේෂ මහ සභාව උණුසුම් වන ලකුණු

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.