Last Update  :  2026-03-03 16:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news විරෝධයෙන් පසුව ශූරතාව එමීර් කණ්ඩායමට

විරෝධයෙන් පසුව ශූරතාව එමීර් කණ්ඩායමට

editorial - 2026 මාර් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

නිමාවට පත්වූ 27 වැනි ගුවන් හමුදා පාපැදි සවාරියේ පිරිමි ඉසව්වේ කණ්ඩායම් ශූරතාව එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායමට ප්‍රදානය කෙරිණ.  තරග විනිසුරුමණ්ඩලයේ විනිශ්චයට අනුව ඒ සදහා කලින් නිර්දේශවී සිටියේ පසුව එහි කණ්ඩායම් අනුශූරතාව අත් වුණු යුද හමුදා කණ්ඩායමටයි.

තරග විනිශ්චය මණ්ඩලය එය නිර්දේශ කිරීමේදී අනුගමනය කළ නිර්නායකයන් දෝෂ සහගත බව කියමින් එමිර් කණ්ඩායම විරෝධතාවයක් ගොනු කිරීමෙන් පසුව ඔවුන්ට කණ්ඩායම් (පිරිමි) ශූරතාව ප්‍රදානය කිරීමට තීරණය කළ බව වාර්තාවේ.

මෙවර ගුවන් හමුදා පාපැදි සවාරිය සංවිධානයේදී ජාත්‍යන්තර තරග නීති රීති උල්ලංඝණය වන බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා පාපැදි විනිසුරුවන්ගේ සංගමය අවසන් මොහොතේදී එයින් ඉවත් විය. ඒ වෙනුවට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබා දුන් බව කියන විනිසුරු හා තීරකවරුන්ගේ ලේඛනයක් අනුව පසුව සවාරියට විනිසුරුවන් යොදා ගැණුනි.

එකම පොකුරු ලෙස තරග නිමාවට පැමිණි ක්‍රීඩකයන්ට එකම නිමි කාලයන් ලබාදීමෙන් උද්ගතවූ බව කියන ගැටළුවක් මෙම තත්වයට මුල්වූ බවද වාර්තාවේ.

ශ්‍රී ලංකා පාපැදි විනිසුරු සංගමයේ සභාපති උපුල් චන්දන ප්‍රියනාත් මහතා පැවැසුවේ ජාත්‍යන්තර පාපැදි තරග නීති රීති උල්ලංඝණය වන අයුරින් මෙවර ගුවන් හමුදා පාපැදි සවාරියේදී කණ්ඩායමක රැදී සිටිය හැකි උපරිම ක්‍රීඩකයන් ගණන වන හයක් වෙනුවට 10 ක් දක්වා වැඩි කිරීමට ගත් තීරණයට එකග නොවෙමින් සිය සංගමය සවාරියෙන් ඉවත්වූ බවයි.

සිය තීරණය නිවැරදි බවට තහවුරු කරමින් සවාරියට සහභාගි වූ විදේශීය රටවල් ඊට එක් කර සිටියේ උපරිම ක්‍රීඩකයන් හය දෙනෙකු පමණක් සමන්විත කණ්ඩායම් බවත් ඔහු එහිදී පැවසීය. එසේ විනිසුරු සංගමය සවාරියෙන් ඉවත්වූයේ තරග නීති උල්ලංඝණයෙන් සවාරියේ ප්‍රමිතීන්ට හා එයින් ක්‍රීඩකයන්ට අත් විය හැකි හානි අවබෝධ කර ගනිමින් බවත් ඔහු වැඩි දුරටත් පැවැසීය.


අදහස් (0)

විරෝධයෙන් පසුව ශූරතාව එමීර් කණ්ඩායමට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.