Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news විරෝධතා රැල්ලක්

විරෝධතා රැල්ලක්

editorial - 2024 අප්‍රේ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

මැයි 30 වැනිදා  පැවැත්වීමට  නියමිත ශ්‍රී  ල‍‍ංකා දැල්පන්දු  සම්මේලනයේ  නිලවරණය සදහා ඉදිරිපත්ව සිටින අපේක්ෂිකාවන් රැසකට විරෝධතා ඉදිරිපත්ව  තිබේ. නිලවරණ කමිටුව එම විරෝධතා  විභාග කිරිම ආරම්භ කර තිබෙන  අතර තීන්දු  ප්‍රකාශයට  පත් කිරිම මැයි  2 වැනිදායින් පසුව  සිදු කෙරෙනු ඇතැයි  වාර්තාවේ.

සභාපති  අපේක්ෂිකා  වත්මන්  සසභාපතිනි ලක්ෂ්මී  වික්ටෝරියා, ඇතුළුව .හා එස්  සුරෙන්තනී (යාපනය), ටී. එම්. පී. කුමාරිහාමි  (මහනුවර), සංජීවනී  වනසිංහ ( වෙ​ෙළඳ  සේවා ), වජිරා නෙත්තිකුමාර (කළුතර),යන මහත්මීන්ගේ නාමයෝජනා  සම්බන්ධයෙන්  මෙම  විරෝධතා  ඉදිරිපත්ව  තිබේ.

එහිදි  නාමයෝජනා  ඉදිරිපත් කිරිමේදී අපේක්ෂිකාවන්ට සහය  දැක්වූ  කොළඹ  දිස්ත්‍රික්  දැල්පන්දු සංගමයේ සහාපතිනී යස්මින් ධර්මරත්න  එහි  උප ලේකම්  සුභානි  උඩවත්ත යන මහත්මීන්  ඇතුළුව අයි. ඒ. අමුනදී (යාපනය ), නවෝද්‍යා කුමාරසිරි යන මහත්මීන්ටද ඊයේ වන විට විරෝධතා  ඉදිරිපත්ව  තිබුණි.

මෙසේ මෙවර  දැල්පන්දු  නිලවරණයට ඉදිරිපත්ව තිබෙන  ප්‍රධාන  පාර්ශ්ව දෙකෙන්  එකිනෙකාට එරෙහිව  විරෝධතා  ඉදිරිපත් කළ අය  අතර  මහනුවර සංගමයේ ශිරාණි දමයන්ති වෙදආරච්ච්, ටී.එම්.පී. කුමාරිහාමි, කලුතර සංගමයේ චම්පා ගුණවර්ධන, වජිරා  නෙත්තිකුමාර හා යසන්ති තුෂාරිකා යන මහත්මීන් මෙසේ විරෝධතා එරෙහිව  ඉදිරිපත් කළ අය වෙති.

තනතුරු  සදහා  ප්‍රමාණවත් සුදුසුකම්  නොවීම ක්‍රීඩා  පනත උල්ලංඝනය  කරමින් ක්‍රීඩා පරිපාලන  තනතුරු  දැරීම,අත්සන්  පීළිබදව ගැටලු පැවැතීම  මෙම  විරෝධතා  මගින් අබියෝගයට ලක් කර තිබේ.

මෙවර  සභාපති ඩූරයට නාමයෝජනා  බාරදී සිටින ප්‍රධාන  අපේක්ෂිකාවන්  දෙදනා අතර  හිටපු  සහාපතිනියක් වන තමාරා  ධර්මකීර්ති   හේරත්  මහත්මියද  වේ. මෙතෙක්  වැඩිම  වාර ගණනක්  දැල්පන්දු  සම්මේලනයේ  මුල්  පුටුව හොබවා ඇති ඇය නැවත  සභාපතිකමට ඉදිරිපත්ව  සිට්න්නේ  2012 න් පසුවය.

වාර්තා වන පරිදි  ඇයට එරෙහිව ඉදිරිපත්  කිරිමට  සූදානම්  කර තිබූ විරෝධතාවක් අවසන්  මොහොතේ  අත් හැර දමා තිබේ.ඒ ක්‍රීඩා  අමාත්‍යාංශයේ ලිපියකින් පසුව බවද වාර්තාවේ.

නිලවරණ කමිටුවට ඉදිරිපත්ව්  තිබෙන   විරෝධතා  හැරෙන්නට  ක්‍රීඩා  අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙතද විරෝධතා  බාරදී  තිබේ.නිලවරණ කමිටුව  එරෙහිවද එහිදී  විරෝධතා  ගොනු කරමින් දැනුම්දී ඇත්තේ ඉදිරිපත් කළ   සමහර  විරෝධතා  නොනොසළකා  හැර ඇති බවයි

මෙවර  නිලවරණයට තරග වදින වත්මන්  සභාපතිනි ලක්ෂ්මී  වික්ටෝරියා  මහත්මිය ආසියානු  දැල්පන්දු  සංගමයේද  වත්මන්  සභාපතිනියයි.


අදහස් (0)

විරෝධතා රැල්ලක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.