Last Update  :  2024-05-09 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news විරේන්ට අර්ධ අවසන් පූර්ව වටය අහිමිවෙයි

විරේන්ට අර්ධ අවසන් පූර්ව වටය අහිමිවෙයි

editorial - 2023 ඔක් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

චීනයේ හංජෝ නුවරදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි කේවල බැඞ්මින්ටන් ඉසව්වේ අද (2 වැනිදා) පැවැති අවසන් 16 දෙනාගේ වටයේ තරගයකදී පරාජයට පත්වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ විරේන් නෙත්තසිංහට එම ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනිමට නොහැකි විය.  

චීන තායිපේ ක්‍රීඩක චොවු තියේන් චෙන්ට එරෙහිව පැවැති එම තරගයේ පළමු වටයේදී ලකුණු 21-16 ක් ලෙස පරාජයට පත් වූ විරේන්, දෙවැනි වටයේදී පරාජයට පත්වූයේ ලකුණු 21-10 ක් ලෙසිනි. ඒ අනුව එස තරගයේ ජය වට 2-0 ක් ලෙස චීන තායිපේ ක්‍රීඩකයා සතුවිය. 

විරේන් අවසන් පිරිමි කේවල බැන්මින්ටන් ඉසව්වේ 16 දෙනාගේ වටයට පිවිසියේ මොංගෝලියාව් එන්ඛ්බාත් සුමියාසුරෙන්ට එරෙහිව පැවැති මූලික වටයේ තරගය වට 2-0 ක් ලෙස ජයගනිමිනි. 


අදහස් (0)

විරේන්ට අර්ධ අවසන් පූර්ව වටය අහිමිවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.