Last Update  :  2026-01-26 21:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news විදුලි බල මණ්ඩලේ විරෝධතාව කුණු බක්කියට

විදුලි බල මණ්ඩලේ විරෝධතාව කුණු බක්කියට

editorial - 2026 ජන මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ

ජාතික ශූරතා සුපර් ලීග් වොලිබෝල් (පිරිමි) තරගාවලියේ (2025) අවසන් පූර්ව වටයේදී වරාය අධිකාරි කණ්ඩායමට එරෙහිව විදුලි බල මණ්ඩල කණ්ඩායම ගොනු කර තිබූ විරෝධතාව ඉවත දැමීමට විමර්ශන කමිටුව තීරණය කර තිබේ.

ඊයේ (25) රැස්වූ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ විධායක සභා රැස්වීමට කමිටු නිර්දේශ වාර්තාව ඉදිරිපත් කර තිබේ.

ගම්පහ වතුපිටිවල ක්‍රීඩාංගණයේදී පැවැති තරගාවලියේ අවසන් පූර්ව වටයේදී තරග නීති උල්ලංඝණය කරමින් වරාය කණ්ඩායමේ නොවන පිටස්තර ක්‍රීඩකයන් එහි ක්‍රීඩා කළ බවට ප්‍රතිවාදී විදුලි බල මණ්ඩල කණ්ඩායම ගොනු කර තිබූ විරෝධතාවක් විභාග කිරීමෙන් පසුව විමර්ශන කමිටුව එය මෙසේ ඉවත දමා තිබේ.

මෙම තරගයේදී වට 3 - 2 කින් විදුලි බල මණ්ඩල කණ්ඩායම පරාජය කරමින් වරාය ක්‍රීඩකයෝ ලබන පෙබරවාරි 17 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ පිටියේදී පැවැත්වෙන සුපර් ලීග් ශූරතා (පිරිමි) අවසන් මහ තරගයට නිර්දේශ ලැබූහ.

වරාය අධිකාරි කණ්ඩායමේ බලධාරීන් විසින්  එදින තරගයට සහභාගි කළේ නිත්‍යානුකූලව සිය අධිකාරියේ සේවයට බඳවා ගෙන තිබෙන ක්‍රීඩකයන් බවට විමර්ශන කමිටුවට ලිපියක් බාර දුන් බවද එහිදී වාර්තා වේ.

සුපර් ලිග් වොලිබෝල් තරග නීති රීති අනුව ක්‍රීඩකයෙකු කණ්ඩායමකට තරග වදින අවස්ථාවේදී අවම වශයෙන් එහි මාස හයක කාලයක් සම්පූර්ණ කළ යුතුය යන වගන්තියට අනුව ප්‍රතිවාදී කණ්ඩායම මෙම විරෝධතාව ගොනු කළ බවද වාර්තාවේ.ඒ සම්බන්ධයෙන් ඔවුන් ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතාටද පැමිණිල්ලක් බාරදී තිබුණි.

ඒ අනුව සුපර් ලීග් වොලිබෝල් තරගාවලියේ (2025) පිරිමි අවසන් මහ තරගය වරාය අධිකාරි කණ්ඩායම හා යුද හමුදා කණ්ඩායම අතර පෙබරවාරි 17 වැනිදා අවසන් පූර්ව වටයේදී කණ්ඩායම් නිර්දේෂ වූ පරිදිම පැවැත්වේ.


අදහස් (0)

විදුලි බල මණ්ඩලේ විරෝධතාව කුණු බක්කියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.