Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වෑන් සිල්වා සමුගනී

වෑන් සිල්වා සමුගනී

editorial - 2022 ජන මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හිටපු ජාතික පුහුණුකරුවකු සහ ක්‍රිකට් පරිපාලකයකු ලෙස කටයුතු කළ ඩබ්ලිව්.ඒ.එන්. (වෑන්) සිල්වා මහතා නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවරදී අභාවප්‍රාප්ත විය. මිය යනවිට ඔහු 91 වැනි වියේ පසුවිය.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සමග සම්බන්ධ වී සිටි අති දක්ෂ පුහුණුකරුවකු වූ ඩබ්ලිව්.ඒ.එන් සිල්වා මහතා අන්තර්ජාතික තරග වලදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයන් රැසකගේ පුහුණුකරුවා විය. අරවින්ද ද සිල්වා, රොෂාන් මහනාම සහ හෂාන් තිලකරත්න තිදෙනාගේම 13 න් පහළ වයස් කාණ්ඩයේ සිටම පුහුණුකරුවා ලෙසින්  කටයුතු කර ඇත. ක්‍රිකට් ක්‍රීඩකයන් සතුව තිබූ තාක්‍ෂණික දුර්වලතා මනාව හදුනාගනිමින් ඔවුන්ව ජාත්‍යන්තරය දක්වා රැගෙන යාමට වෑන් සිල්වා මහතා අනුපම්ය මෙහෙවරක් කළ අයෙකි.

අසුව දශකයේ අගභාගයේ සිට 1991 වසර දක්වා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළේද ඩබ්ලිව්.ඒ.එන්. සිල්වා මහතාය. ක්‍රීඩාවේ විවිධ භූමිකා දරමින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දියුණු කිරීමට ඔහු ඉමහත් දායකත්වයක් ලබා දී ඇත.

- 2079

 


අදහස් (0)

වෑන් සිල්වා සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.