Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘ඩයලොග් 4G - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනප්‍රියම පාසල් ක්‍රීඩකයා තේරීමේ තරගයේ (2017) නමවැනි සතිය නිමාවන විට ඡන්ද 55000 සීමාවද පසුකර යමින් තවදුරටත් සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණ රැකගැනීමට ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහලේ නවිඳු නිර්මාල් සමත්ව සිටියි. ගෙවී ගිය සතිය තුළදී ලබාගත් ඡන්ද 6744 ත් සමගින් මේ වන විට ඔහු ලබා සිටින මුලු ඡන්ද සංඛ්‍යාව 55886 කි.
සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ රැදී සිටින මරදාන සහිරා විදුහලේ මොහොමඞ් නජත්, මේ වන විට ඡන්ද 41918 ක් ලබා සිටින අතර ගෙවී ගිය සතිය තුළදී ඔහු සිය ඡන්ද ගොන්නට අලුතින් එක්කරගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 5512 කි. ඒ අනුව ඡන්ද සටහනේ පෙරමුණේ පසුවන නවිඳු සහ දෙවැනි ස්ථානයේ පසුවන නජත් අතර ඇති පරතරය ඡන්ද 13968 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ගෙවී ගිය සතියේදී වැඩිම ඡන්ද සංඛ්‍යාවක් (ඡන්ද 10789) හිමිකරගත් මීගමුව මාරිස්ටෙලා විදුහලේ ලසිත් කෘස්පුල්ලේ මේ වන විට ඡන්ද 34229 ක් ලබා ඡන්ද සටහනේ තෙවැනි ස්ථානයේ රැදී සිටින අතර කොළඹ තර්ස්ටන් විදුහලේ චරණ නානායක්කාර ගෙවී ගිය සතිය තුළදී ලබාගත් ඡන්ද 124 ත් සමගින් මුළු ඡන්ද 10005 ක් ලබා එහි සිවුවැනි ස්ථනයේ රැදී සිටියි.
බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ සන්තුෂ් ගුණතිලක සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ රොමේෂ් නල්ලපෙරුම පිළිවෙළින් ඡන්ද 7834 ක් සහ 6377 ක් බැගින් ලබා සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පස්වැනි සහ හයවැනි ස්ථාන හිමිකරගෙන සිටිති.
පානදුර ශ්‍රී සුමංගල විදුහලේ පුලිත යසස් ඡන්ද 1802 ක් ලබාගනිමින් තවදුරටත් නැගී එන කාණ්ඩයේ පෙරමුණ රැකගෙන සිටින අතර පිළියන්දල මැදි විදුහලේ ගිම්හාන ධනුෂාන් ඡන්ද 130 ක් ලබාගනිමින් එහි දෙවැනි ස්ථානයේ රැදී සිටියි.
හයවැනි සතිය නිමා වන විටත් අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ ක්‍රීඩකයන් අතුරින් ඡන්ද ලබාගැනීමට සමත් වී ඇත්තේ ඇලීතියා ජාත්‍යන්තර පාසලේ ශිම්රාස් ශාහිල් (ඡන්ද 104) පමණි.
මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් සමාගමේ ‘ලංකාදීප’, ‘අද’, ‘ඬේලි මිරර්’ සහ ‘ඬේලි එෆ්.ටී.’ යන දිනපතා පුවත්පත් වලද, ‘සන්ඬේ ටයිම්ස්’ සති අන්ත පුවත්පතේද අන්තර්ගත වේ. තමන් කැමතිම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වෙනුවෙන් මනාප පළ කිරීම සඳහා ලබන ජූලි මාසය දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ. අන්තර් ජාලය ඔස්සේ මනාප පළකරන්නන්ට ‘අඅඅගාස්කදටගකනරැජරසජනැඑ’ වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ සඳහා අවස්ථාව උදා කරගත හැකිය.
සමස්ථ ලංකා පාසල් කාණ්ඩය | ||
ක්‍රීඩකයා | පාසල | ඡන්ද |
නවිඳු නිර්මාල් | ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල | 55,886 |
මොහොමඞ් නජත් | මරදාන සහිරා විදුහල | 41,918 |
ලසිත් කෘස්පුල්ලේ | මීගමුව මාරිස්ටෙලා විදුහල | 34,229 |
චරණ නානායක්කාර | කොළඹ තර්ස්ටන් විදුහල | 10,005 |
සන්තුෂ් ගුණතිලක | බම්බලපිටිය ශාන්ත පීතර විදුහල | 7,834 |
රොමේෂ් නල්ලපෙරුම | ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල | 6,377 |
දිනිත බස්නායක | කොටහේන ශාන්ත බෙනඩික් විදුහල | 4,404 |
හේලිත විතානගේ | කොළඹ රාජකීය විදුහල | 1,571 |
ලක්ෂිණ රොද්‍රිගූ | බම්බලපිටිය ශාන්ත පීතර විදුහල | 1,104 |
මොහොමඞ් රිෆාස් | ජනාධිපති විදුහල | 864 |
සහන් සුරවීර | කොළඹ ආනන්ද විදුහල | 664 |
දිලීප ජයලත් | කොළඹ ආනන්ද විදුහල | 503 |
නිකේෂ් අංජන | ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල | 341 |
පී. ඒ. ධනංජය | ගාල්ල රිච්මන්ඞ් විදුහල | 285 |
හරීන් බුද්දිල | ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල | 243 |
සම්මු අශාන් | කොළඹ ආනන්ද විදුහල | 194 |
අසේල් සිගේරා | කොළඹ ආනන්ද විදුහල | 163 |
පසිඳු සූරියබණ්ඩාර | කොළඹ රාජකීය විදුහල | 156 |
ජෙහාන් ඩැනියෙල් | මරදාන ශාන්ත ජෝෂප් විදුහල | 102 |
සංජුල අබේවික්‍රම | කොළඹ ඉසිපතන විදුහල | 98 |
නවීන් ගුණවර්ධන | කොළඹ තර්ස්ටන් විදුහල | 53 |
අවිෂ්ක පෙරේරා | කෝළඹ නාලන්දා විදුහල | 50 |
නැගී එන පාසල් කාණ්ඩය | ||
ක්‍රීඩකයා | පාසල | ඡන්ද |
පුලිත යසස් | පානදුර ශ්‍රී සුමංගල විදුහල | 1,802 |
ගිම්හාන ධනුෂාන් | පිළියන්දල මැදි විදුහල | 130 |
මෙතුෂාන් තිළිණ | කෑගලු විද්‍යාලය | 83 |
නිපුන රංසික | පී. ද එස්. කුලරත්න විදුහල | 81 |
සහන් පෙරේරා | පන්නිපිටිය ක්‍රිස්තුරාජ විදුහල | 48 |
රවීන් යසස් | රත්ගම දේවපතිරාජ විදුහල | 42 |
ඉමේෂ් බස්නායක | ගම්පහ ශාන්ත පීතර විදුහල | 36 |
හිරුෂ මෙන්ඩිස් | බලපිටිය ශ්‍රී සිද්ධාර්ථ විදුහල | 27 |
සුමින්ද ලක්ෂාන් | මෝදර ද ලාසාල් විදුහල | 16 |
තිසර දිල්ෂාන් | පොළොන්නරුව ජාතික පාසල | 8 |
අන්තර් ජාතික පාසල් කාණ්ඩය | ||
ක්‍රීඩකයා | පාසල | ඡන්ද |
ශිම්රාස් ශාහිල් | ඇලීතියා ජාත්‍යන්තර පාසල | 104 |
පාඨකයන් වෙනුවෙන් පැවැත්වෙන තරගයේ පසු ගිය සතියේ ජයග්‍රාහකයෝ
1 ඕෂදී සරත්චන්ද්‍ර, 379, ගාලු පාර, නල්ලූරූව, පානදුර
2 අනෝමා යාපා, පෙත්සිරි උඩුකුරේ, පහළ කනත්තවෙල, බණ්ඩාරවෙල
3 අසිඳු ලක්ෂාන්, 270-34ඒ, තිලකපුර, අම්බලන්ගොඩ
4 දීලක අබේගුණවර්ධන, 34/6ඒ, වලව්වත්ත පාර, නුගේගොඩ
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.