නාමල් පතිරගේ
බංග්ලාදේශයේ ඩැකා නුවරදී ඊයේ (22) ආරම්භ වූ මධ්‍යම ආසියානු ජාතීන්ගේ වොලිබෝල් (පිරිමි) තරගාවලියේ සිය පළමු තරගයෙන් ඇෆ්ගනිස්ථානයට එරෙහිව වට 3 - 2 ක තියුණු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.ශ්‍රී ලංකාව දෙවැනි හා තෙවැනි වට දෙකම පරාජයවී තිබියදී ලබා ගත් එම ජයග්‍රහණය කැපී පෙනේ.
ඒ අනුව ලකුණු 27/25 - 17/25 - 19/25 - 25/20 - 16/10 ක ජයක් එහිදී වාර්තා කළ ශ්‍රී ලංකාව තරගාවලියේ හොද ආරම්භයක් ලබා ගත්තේය.රටවල් පහක් එහිදී ශ්‍රී ලංකාවට ප්‍රතිවාදීන් ලෙස මූලික වටයේදී මුණ ගැසේ.එහිදී ශ්‍රී ලංකාව සහභාගි වන මූලික වටයේ දෙවැනි තරගය අද (23) තුර්ක්මෙනිස්ථානයට එරෙහිව පැවැත්වේ.
ලබන අඟහරුවාදා (28 වැනිදා) දක්වා තරගාවලිය පැවැත්වේ.තරගාවලියේ ශූරතාව හා අනුශූරතාව ලබන කණ්ඩායම් දෙකම මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ ඉහළ ශ්‍රේණිගත ඒ කාණ්ඩයට නිර්දේශ ලබයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.