Last Update  :  2025-06-28 09:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වාර්ෂික මහ තරගය ‘සිහින සංග්‍රාමය‘ නමින්

වාර්ෂික මහ තරගය ‘සිහින සංග්‍රාමය‘ නමින්

editorial - 2025 මැයි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(අහංගම සුමතිපාල දීයගහගේ සහ උණවටුන ඩී. ජී.  සුගතපාල)

ගාල්ල ශාන්ත ඇලෝසියස් විදුහල සහ කළුතර සිරි කුරුස විදුහල අතර ‘සිහින සංග්‍රාමය‘ ලෙසින්  මහ  ක්‍රිකට් තරගයක් සංවිධානය කිරීමට විදුහල් දෙකේම විදුහල්පතිවරු සහ ආදි සිසු සංගම් සූදානම් වෙති.  ගාල්ල ඇලෝසියස් විදුහල සහ කළුතර සිරි කුරුස විදුහල අතර මහ ක්‍රිකට් තරගය මේ මස 30 සහ 31 යන දිනවල ගාල්⁣ල  ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට  නියමිතය. 

ගාල්⁣ල ශාන්ත ඇලෝසියස් විදුහල මෙන්ම කළුතර සිරි කුරුස විදුහලත් දීර්ඝ ඉතිහාසයක් ඇති, එකම ආකාරයේ ආගමික පරිසරයකින් යුත් පාසල් දෙකකි. ශාන්ත ඇලෝසියස් විදුහලටද වාර්ෂිකව  පවත්වන මහ ක්‍රිකට් තරගයක අවශ්‍යතාවය තදින්ම තිබුණු බව ශාන්ත ඇලෝසියස් විදුහල්පති ඒ ⁣ජේ පුබුදු සම්පත් මහතා පසුගියදා පැවැති පුවත් පත් සාකච්ඡාවකදී පැවසීය.

මෙම විද්‍යාල දෙකේම දීර්ඝ ඉතිහාසය මෙන්ම කීර්ති නාමය අනුව  එවැනි මට්ටමේ පාසල් දෙකකට වාර්ෂික ක්‍රිකට් සංග්‍රාමයක් නොතිබීම විශාල අඩුවක්ව පැවැති බවත් එම අඩුව මකා දමමින් ‘සිහින සංග්‍රාමය‘ ක්‍රිකට් තරගය සංවිධානය කෙරෙන බවත් කලුතර සිරිකුරුස විද්‍යාලයේ විදුහල්පති ප්‍රසාද් නිරංජන් ප්‍රනාන්දු පියතුමෝ පැවසූහ. 


අදහස් (0)

වාර්ෂික මහ තරගය ‘සිහින සංග්‍රාමය‘ නමින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.