Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පන්නල ජාතික පාසල හා හලාවත ආනන්ද ජාතික පාසල අතර ප්‍රථම වරට පැවැත්වෙන වයඹ සුලෝහිත සංග්‍රාමය මහා ක්‍රිකට් තරගය පන්නල ජාතික පාසල් ක්‍රිඩා පිටියේ දි අප්‍රියෙල් මස 4 වන දින පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.
පන්නල ජාතික පාසලේ ක්‍රිකට් කණ්ඩායම වත්මන් විදුහල්පති ඩී.එම්.එස්.යූ.බී. බන්නැහැක මහතාගේ දැඩි කැපවීමකින් ආරම්භ කරණු ලැබු අතර ඒ අනුව ඔවුන්ගේ පැවැත්වෙන මහ ක්‍රිකට් තරගය වශයෙන් ද මෙම තරගය එම පාසලේ ඉතිහාසයේ සටහන් වනු ඇත.
හලාවත ආනන්ද ජාතික පාසල ගත වු වසර පහකට වැඩි කාලයක දි සිය පාසල් ක්‍රිකට් තරගයට තෝරා ගනු ලැබුයේ පුත්තලම ආනන්ද විදුහල් ක්‍රිකට් කණ්ඩායමයි. මෙවර එම තරගය නොපැවැත්වෙන අතර ඒ වෙනුවට ඔවුන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල ජාතික පාසල් ක්‍රිකට් කණ්ඩායම සමඟ තරග කිරීමට කටයුතු යොදා ඇත. මෙම තරඟය ඕවර 50 කට සීමා වූ තරගයකි.
|
අශේන් ඉන්දික බන්ඩාර (නායක), අයි.එන්. වික්‍රමරත්න මහතා (ක්‍රිකට් භාර ආචාර්ය), ජේ.ඒ.ඩී. වික්‍රම මහතා (විදුහල්පති), රෝෂාන් පීරිස් මහතා (පුහුණුකරු), එන්. බණ්ඩාර (උප නායක), යසීර ලක්ශාන්, එන්. ප්‍රදීප්, එස්. පියුමන්ත, ඉෂාර මධුසංක, පසිඳු දේශාන්, පුබුදු අසින්ත, නවිඳු මධුසංක, ශාසිත සදාසර, ශේශාන් මිහිඳු, සිතුම් සුලෝචන, හේශාන් චමුදිත, චාමික හසරංග යන පිරිස |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.