Last Update  :  2025-05-12 20:59:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වත්තල ලයිසියම් ශූරතාව ආසන්නයේ

වත්තල ලයිසියම් ශූරතාව ආසන්නයේ

සංජය එරමුදුගොඩ - 2017 පෙබ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාත්‍යන්තර පාසල් 18 ක සහභාගිත්වයෙන් දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ සමස්ත ශූරතාව මෙවරත් දිනා ගැනීම කෙරෙහි බලාපොරොත්තු තබා සිටින වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල තරගාවලියේ දෙවැනි දිනය නිමාවන විට ලකුණු 286ක් ඉදිරියට පැමිණ සිටියේය.

ඒ වනවිට ඔවුන් මුළු ලකුණු 891ක් ලබා තිබුණු අතර දෙවැනි තැනට පත්ව සිටි රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසල ලකුණු 605ක් හිමිකරගෙන තිබුණි. එහි විශේෂත්වය වන්නේ ගියවර තරගාවලියේදී වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල සමස්ත ශූරතාව දිනා ගත්තේ එක ලකුණක වෙනසකින් වීමයි.

හෙට (27) (අවසන්) දිනයේදී තවත් අවසන් තරග 52ක් පැවැත්වීමට ඉතිරිව තිබේ. පසුගිය දෙදින තරගාවලියේදී නව වාර්තා 14 ක් බිහිවිය.

වසර 2001 දී ආරම්භ වූ මෙම තරගාවලියේදී නව (9) වතාවක්ම සමස්ත ශූරතාව දිනා තිබෙන වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල පසුගිය වසර දෙකේදීත් පිට පිටම සමස්ත ශුරතාව හිමිකර ගැනීම කැපී පෙනේ.


ඊයේ සහ අද (25-26) නව තරග වාර්තා

මීටර 800 - වයස 19න් පහළ බාලිකා:-
දෙව්මිණි කුඩ විතානගේ (වත්තල ලයිසියම්-විනාඩි 2 තත්ත්පර 30.50)

මීටර 800 - වයස 20න් පහළ- බාලක:-
ගයාන් බණ්ඩාර (වත්තල ලයිසියම්-විනාඩි 1 තත්පර 58.50)

මීටර 200 - වයස 19න් පහළ- බාලිකා:-
නතාලි මල්පාන (කොළඹ ගේට්වේ- තත්ත්පර 25.20)

යගුලිය විසිකිරීම - වයස 15න් පහළ- බාලිකා:-
දිනාලි සෙනවිරත්න (කොළඹ ගේට්වේ-මීටර 8.35)

දුර පැනීම - වයස 20න් පහළ - බාලිකා:-
පූර්ණිමා ජයමාලි ගුණරත්න:ලීඞ්ස්-මීටර 5.69)

හෙල්ල විසිකිරීම - වයස 20න් පහළ - බාලිකා:-
කිස්ටිනා මනිවානන් (වත්තල-ලයිසියම් මීටර 27.22)

මීටර 4×100 - වයස 19න් පහළ - බාලක:-
කොළඹ ගේට්වේ කණ්ඩායම (තත්ත්පර 43.3)

මීටර 110 - කඩුලු - වයස 20න් පහළ - බාලක :-
ශානක පෙරේරා (වත්තල ලයිසියම්-තත්ත්පර 15.1)

දුර පැනීම - වයස 20න් පහළ - බාලක:-
ෂාම් ඩොමිනියන් (වත්තල ලයිසියම්-මීටර 6.91)

මීටර 4×100 - වයස 20න් පහළ - බාලිකා:-
වත්තල ලයිසියම් කණ්ඩායම (තත්ත්පර 45.0)

මීටර 4×100 - වයස 15න් පහළ- බාලිකා:-  
වත්තල ලයිසියම් කණ්ඩායම- තත්ත්පර 52.9)

උස පැනීම - වයස 20න් පහළ- බාලිකා:-
පූර්ණිමා ජයමාලි ගුණරත්න (ලීඞ්ස්-මීටර 1.75)

දුර පැනීම-වයස 19 න් පහළ- බාලිකා:-
ෂර්මිලා ජෑන්ස් (කොළඹ ගේට්වේ-මීටර 5.35)

මීටර 4×100- වයස 17න් පහළ- බාලිකා:-
වත්තල ලයිසියම්-තත්ත්පර 52.9)

 


අදහස් (0)

වත්තල ලයිසියම් ශූරතාව ආසන්නයේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.