Last Update  :  2025-09-07 17:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වත්තල ලයිසියම්ට දැවැන්ත ජයක්

වත්තල ලයිසියම්ට දැවැන්ත ජයක්

ශනුක අරවින්ද - 2016 දෙසැ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල සහ බම්බලපිටිය හින්දු විදුහල අතර වත්තලදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ II කාණ්ඩයේ තරගයෙන් ලකුණු 136 ක ජයක් අත්කර ගැනීමට ලයිසියම් ජාත්‍යන්තර පාසල සමත් විය.

ලයිසියම් ජාත්‍යන්තර පාසල වෙනුවෙන් ලකුණු 63 කට කඩුලූ 8 ක් දවාගැනීමට පවිත් ජනාධ සමත් වූ අතර හින්දු විදුහල වෙනුවෙන් ලකුණු 70 කට කඩුලූ 8 ක් දවාගැනීමට සත්‍යමූර්ති ශෙරෝන් සමත් විය.

ලයිසියම් ජාත්‍යන්තර පාසල පළමු ඉනිම -  ඕවර 48 කදී සියලූ දෙනා දැවී 219
(හසිත ගුණසිරි 87, පසල් වික‍්‍රමසිංහ 42, අබිනේෂ් රවිචන්ද්‍රන් 26, සත්‍යමූර්ති ශෙරෝන් 14/5, එම්. හරීෂාන් 36/2, ගණපති දිනේෂ් 64/2)

හින්දු විදුහල පළමු ඉනිම -  ඕවර 54.1 කදී සියලූ දෙනා දැවී 140
(ප‍්‍රවීන් කුමාර් 37, ගණපති දිනේෂ් 33, ශබීක් ඉෆ්තාරි 12/2, අබිනේෂ් රවිචන්ද්‍රන් 33/2, පවිත් ජනාධ 34/5)

ලයිසියම් ජාත්‍යන්තර පාසල දෙවැනි ඉනිම -  ඕවර 26.3 කදී කඩුලූ 9 ක් දැවී 170
(ශබීක් ඉෆ්තාරි 41, අබිනේෂ් රවිචන්ද්‍රන් 34, චන්දිර යසස්වින් 33, නවරාජා අෂ්විනාත් 37/3, සත්‍යමූර්ති ශෙරෝන් 56/3)

හින්දු විදුහල දෙවැනි ඉනිම -  ඕවර 50.1 කදී සියලූ දෙනා දැවී 113
(සුරේෂ් ප‍්‍රතීක්ෂන් නොදැවී 30, ගණපති දිනේෂ් 29, ඉමන්ත ප‍්‍රනාන්දු 56/5, පවිත් ජනාධ 29/3, හමංෂු මාලිංග 10/2)

-036

 


අදහස් (0)

වත්තල ලයිසියම්ට දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.