කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේ පැවැති 22 වැනි ජාත්‍යන්තර පාසල් පිහිනුම් තරගාවලියේදී ලකුණු 1237 ක් ලබා ශූරතාව දිනාගැනීමට වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල සමත් විය.
ලකුණු 860 ක් ලබාගත් කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල අනු ශූරතාවට හිමිකම් කී අතර ලකුණු 754 ක් ලබාගත් නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලට තෙවැනි ස්ථානය හිමිවිය.
දිවයින පුරා ජාත්‍යන්තර පාසල් 21 ක් නියෝජනය කරමින් තරගකරුවන් 836 ක් මෙම තරගාවලියට සහභාගි වූ අතර එහිදී කේවල ඉසව් 84 ක් සහ සහාය ඉසව් 22 ක් පැවැත්විණ.
කේවල ඉසව්වලදී නව තරගාවලි වාර්තා 31 ක්ද, සහාය ඉසව්වලදී නව තරගාවලි වාර්තා 9 ක්ද පිහිටුවීමට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.
ඉන් කේවල වාර්තා 11 කට සහ සහාය වාර්තා 8 කට හිමිකම් කීමට වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල සමත් වූ අතර කේවල වාර්තා 8 කට සහ සහාය වාර්තාවකට හිමිකම් කීමට කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල සමත් විය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.