Last Update  :  2025-09-08 13:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news විද්‍යාලෝක විදුහලට පළමු ඉනිමේ ජයක්

විද්‍යාලෝක විදුහලට පළමු ඉනිමේ ජයක්

රොෂාන් ගුණරත්න - 2016 ඔක් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ තරගයකදී නුගවෙල මධ්‍ය මහා විද්‍යාල පිලට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබාගැනීමට ගාල්ල විද්‍යාලෝක විද්‍යාල පිල ඊයේ (19 වැනිදා) සමත්විය. මෙම තරගය රත්ගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


ගාල්ල විද්‍යාලෝක විදුහල වෙනුවෙන් පැතුම් හසරංග (138) ශතකයක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වීය.

 

විද්‍යාලෝක විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 72.4 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 339
(පැතුම් හසරංග 138, සංජු ලක්ෂාන් 41, රමුදිත දිසල් 37, විකුම් බමුණුාරච්චී 80/3, දේවින්ද දිසානායක 52/2, ලක්මාල් ද සිල්වා 83/2)


නුගවෙල ම.ම. විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 21.5 කදී සියලුදෙනා දැවී ලකුණු 63
(දේවින්ද දිසානායක නොදැවී 25, තට්ත අයිවන් 25/4, සංජු ලක්ෂාන් 06/2, ජනිත කුමාර 22/2)

 


අදහස් (0)

විද්‍යාලෝක විදුහලට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.