Last Update  :  2025-12-22 11:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news විශාද්ගේ ශතකය කෝල්ට්ස් පිල අවසන් තරගයට රැගෙන යයි

විශාද්ගේ ශතකය කෝල්ට්ස් පිල අවසන් තරගයට රැගෙන යයි

රොෂාන් ගුණරත්න - 2018 නොවැ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විශාද් රංදික (නොදැවී 100) ලබාගත් ශතකය හමුවේ නැඟී එන කණ්ඩායම් අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට කෝල්ට්ස් පිල අද (22 වැනිදා) සමත්විය.
 
සී.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයෙන් පළමු ඉනිමේ ජයක් හිමිකරගත් කෝල්ට්ස් පිල තරගයේ දෙවැනි සහ අවසන් දිනයවූ අද තරගය නතර කරනවිට පළමු ඉනිම සඳහා කඩුලු 8 ක් දැවී ලකුණු 312 ක් රැස්කර සිටියේය.
 
හෂාන් දුමිඳුද (65) අර්ධ ශතකයක් ලබාගනිමින් කෝල්ට්ස් පිල අවසන් තරගය දක්වා රැගෙන යාමට දායක වූයේය.
රමිත රඹුක්වැල්ල කඩුලු 3 ක් ද අවිඳු තීක්‍ෂණ සහ ළහිරු මිලන්ත කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වුවද කෝල්ට්ස් කණ්ඩායම අවසන් තරගය යෑමේ අවස්ථාව නතර කිරීමට ඔවුන්ට නොහැකිවූහ.
 
පළමු දිනට ඊයේ (21) තරගය අවසන් කරනවිට කඩුලු 7 ක් දැවී ලකුණු 253 ක් රැස්කර සිටි ද්‍රවිඩ සංගම් පිලට අද දින රැස්කිරීමට හැකිවූයේ තවත් ලකුණු 21 ක් පමණි.
 
තරගයේ පළමු දින ලකුණු 47 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටි යොහාන් මෙන්ඩිස් සිය ඉනිමට තවත් ලකුණු 20 ක් එක්කර ගැනීමට අද දින සමත්විය.
 
කෝල්ට්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ නලින් ප්‍රියදර්ශන කඩුලු 5 ක් දවාගැනීමට සමත්විය.
 
ද්‍රවිඩ සංගම් පළමු ඉනිම - ඕවර 92 කදී සියලුදෙනා දැවී ලකුණු 284
(බිනුර ප්‍රනාන්දු 66, කමිඳු මෙන්ඩිස් 51, යොහාන් මෙන්ඩිස් 67, තරංග පරණවිතාන 34, රමිත් රඹුක්වැල්ල 28, නලින් ප්‍රියදර්ශන 128/5)
 
කෝල්ට්ස් පළමු ඉනිම - ඕවර 76 කදී කඩුලු 8 ක් දැවී 312
(විශාද් රංදික නොදැවී 100, හෂාන් දුමිඳු 65, සධීර සමරවික්‍රම 32, නිසල තාරක 29, අවිශ්ක ප්‍රනාන්දු 20, පසිඳු ඉෂාර 20, රමිත රඹුක්වැල්ල 65/3, අවිඳු තීක්‍ෂණ 77/2, ළහිරු මිලන්ත 17/2)
 

අදහස් (0)

විශාද්ගේ ශතකය කෝල්ට්ස් පිල අවසන් තරගයට රැගෙන යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.