Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
චීනයේ ගුඇන්ෂූ නුවරදී සෙනසුරාදා හා ඉරිදා (10 -11) දෙදිනදී පැවැත්වෙන හත් වැනි ලෝක සහය දිවීමේ ශූරතා තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා මීටර 4x400 මිශ්‍ර සහය දිවීමේ කණ්ඩායම ඊයේ (8) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව සිටියේය.
කාලිංග කුමාරගේ, අරුණ දර්ශන, සදෙව් රාජපක්ෂ, නිෂේන්ද්‍රා ප්‍රනාන්දු, සයුරි මෙන්ඩිස් හා නදීෂා රාමනායක යන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ එහිදී ශ්‍රී ලංකා මිශ්‍ර සහය දිවීමේ කණ්ඩායම නියෝජනය කරමින් මෙම තරග සංචාරයට එක්ව සිටියි. නදීෂා රාමනායක ක්‍රීඩිකාවගේ පෞද්ගලික පුහුණුකරු ඩබ්.ජී.එම්.තුෂාර මහතා එහිදී ශ්‍රී ලංකා සහාය දිවීමේ කණ්ඩායමේ පුහුණුකරු ලෙස මෙම තරග සංචාරයට සහභාගි වේ.
මෙහි වැදගත්කම වන්නේ මෙම තරගාවලියේ ඉසව් 14 වැනි ස්ථානය දක්වා පැමිණෙන කණ්ඩායම් ලබන සැප්තැම්බර් 13 සිට 21 වැනිදා ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට නිර්දේශ ලබා ගැනීමට සමත් වෙන බැවිනි.
සෙනසුරාදා ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4.40 ට ( ගුඇන්ෂූ වේලාවෙන් රාත්‍රී 7.22 ට) හා ඉරිදා පස්වරු 4.30 ටද මීටර 4x400 මිශ්‍ර ඉසව්වේ අවසන් තරගයට කණ්ඩායම් නිර්දේශ කෙරෙන තරග වට දෙකක් පැවැත්වේ. එහි අවසන් තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ඉරිදා පස්වරු 6.30 ට පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.