ප‍්‍රංශයේ ග‍්‍රැවලින් හි පැවත්වෙන ලෝක විශ්වවිද්‍යාල ඔරුපැදීමේ තරගාවලියට සහභාගි වීම සඳහා ශී‍්‍ර‍්‍ර ලංකා විශ්ව විද්‍යාල ඒකාබද්ධ ඔරුපැදීමේ කණ්ඩායම ලබන 08 වැනිදා දිවයිනෙන් පිටත්වීමට නියමිතය. තරගාවලිය සැප්තැම්බර් 10 වැනිදා සිට 14 වැනිදා දක්වා පැවැත්වේ.
මොරටුව විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් එම්. සී. ඒ. ධර්මපරාක‍්‍රම, ටී, ජේ, නිතරසනන් ටී. ඒ. තෙන්නකෝන්, ආර්. බී. කේ. ලියෝ යන සිසුන් සිව්දෙනා සමග කණ්ඩායම් කළමනාකරු වශයෙන් රජරට විශ්වවිද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂ සමන්ත උපුල් විජේසිංහ මහතා මෙම සංචාරයට එක්වන බව ශී‍්‍ර ලංකා විශ්වවිද්‍යාල කී‍්‍රඩා සංගමයේ ලේකම් රුවන් වෙල්ලස්ස මහතා ලංකාදීපයට පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.