Last Update  :  2026-02-03 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ලෝක කුසලාන පෙරහුරු තරග අද සිට

ලෝක කුසලාන පෙරහුරු තරග අද සිට

editorial - 2026 පෙබ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සම සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2026 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ පෙරහුරු තරග අද (2 වැනිදා) සිට එළබෙන 6 වැනිදා දක්වා පැවැත්වීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව කටයුතු යොදා තිබේ. 

ඒ අනුව ඉන්දියාවේ බෙංගලූරු, මුම්බායි සහ චෙන්නායි යන නගරවලදී මෙන්ම ශ්‍රී ලංකාවේ කොළඹ නගරයේදී පෙරහුරු තරග 16 ක් පැවැත්වීමට නියමිතය. ඉන් අනතුරුව ලෝක කුසලාන තරගාවලිය එළබෙන 7 වැනිදා නිල වශයෙන් ආරම්භ වනු ඇත. 

බෙංගලූරු නුවර ඉන්දීය ක්‍රිකට් පාලක මධ්‍යස්ථාන පරිශ්‍රයේ පිහිටි ක්‍රීඩාංගණ දෙකකද, මුම්බායි නුවර ඩී.වයි. පටීල් ක්‍රීඩාංගණයේදීද, චෙන්නායි නුවර එම්.ඒ. චිදම්බරම් ක්‍රීඩාංගණයේදීද, කොළඹ එස්.එස්.සී., ආර්. ප්‍රේමදාස සහ සී.සී.සී. යන ක්‍රීඩාංගණවලදීද එම පුහුණු තරග පැවැත්වේ. 


තරග කාලසටහන 
පෙබරවාරි 2 වැනිදා 
ප.ව. 3.00 ට - ඇෆ්ඝනිස්ථානය සහ ස්කොට්ලන්තය අතර බෙංගලූරුහිදී 
ප.ව. 5.00 ට - ඇමරිකාව සහ ඉන්දීය ‘ඒ’ පිල අතර මුම්බායිහිදී 
ප.ව. 7.00 ට - කැනඩාව සහ ඉතාලිය අතර චෙන්නායිහිදී 

පෙබරවාරි 3 වැනිදා 
ප.ව. 1.00 ට - ඕමානය සහ ශ්‍රී ලංකා ‘ඒ’ පිල අතර සී.සී.සී ක්‍රීඩාංගණයේදී 
ප.ව. 3.00 ට - නෙදර්ලන්තය සහ සිම්බාබ්වේ අතර ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී 
ප.ව. 5.00 ට - නේපාලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර චෙන්නායිහිදී 

පෙබරවාරි 4 වැනිදා 
ප.ව. 1.00 ට - ස්කොට්ලන්තය සහ නැමීබියාව අතර බෙංගලූරුහිදී 
ප.ව. 3.00 ට - ඇෆ්ඝනිස්ථානය සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර බෙංගලූරුහිදී 
ප.ව. 5.00 ට - පාකිස්තානය සහ අයර්ලන්තය අතර එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී 
ප.ව. 7.00 ට - ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර මුම්බායිහිදී  

පෙබරවාරි 5 වැනිදා 
පෙ.ව. 11.00 ට - සිම්බාබ්වේ සහ ඕමානය අතර සී.සී.සී. ක්‍රීඩාංගණයේදී 
ප.ව. 1.00 ට - නේපාලය සහ කැනඩාව අතර චෙන්නායිහිදී 
ප.ව. 5.00 ට - ඕස්ටේ්‍රලියාව සහ නෙදර්ලන්තය අතර ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී 
ප.ව. 7.00 ට - නවසීලන්තය සහ ඇමරිකාව අතර මුම්බායිහිදී  

පෙබරවාරි 6 වැනිදා 
ප.ව. 3.00 ට - ඉතාලිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර චෙන්නායිහිදී 
ප.ව. 5.00 ට - ඉන්දීය ‘ඒ’ පිල සහ නේපාලය අතර බෙංගලූරුහිදී 


අදහස් (0)

ලෝක කුසලාන පෙරහුරු තරග අද සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.