Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ලොව උසම ක්‍රීඩිකාවට නැවත කැඳවීමක්?

ලොව උසම ක්‍රීඩිකාවට නැවත කැඳවීමක්?

editorial - 2023 දෙසැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

එළඹෙන (2024) ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව සහභාගිවීමේ දී ජාත්‍යන්තර තරග බිමෙන් සමුගත් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ හිටපු ක්‍රීඩිකා තර්ජිනී ෂිවලිංගම්ගේ සේවය නැවත ලබා ගැනීමේ හැකියාව පිළිබඳව ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය අවධානය යොමුකර ඇතැයි වාර්තා වේ.

වසර  2009 සිට ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ නිත්‍ය පන්දු විදින්නිය ලෙස කටයුතු කළ තර්ජිනී ෂිවලිංගම් ලෝකයේ උසම දැල්පන්දු ක්‍රීඩිකාව ලෙස අවධානය දිනාගත් අතර, ඇගේ උස අඩි 6 අඟල් හයක් (මීටර 2.06) ක් විය.

කෙසේ වුවත් මෙම වසරේ දී (2023) පැවති ලෝක කුසලාන තරග සංචාරයෙන් පසුව ඇය ජාත්‍යන්තර තරග බිමෙන් සමුගන්නා බව ප්‍රකාශ කළාය. ඇය 2023 අගෝස්තු 6වැනිදා දකුණු අප්‍රිකාවේ ‘කේප්ටවුන්’ නුවරදී නිමාවට පත්වූ 16 වැනි ලෝක කුසලාන දැල්පන්දු  තරගාවලියේ සහභාගිත්වයෙන් පසුව ජාත්‍යන්තර තරග බිමට සමුදෙනවිට ඇගේ වයස 44ක් ඉක්මවා තිබුණි.

ලෝක කුසලාන හතරක්  හා ආසියානු කුසලාන තරගාවලි පහක් මෙකී කාලය තුළදී ශ්‍රී ලංකාව වෙනුවෙන් නියෝජනය කර තිබෙන තර්ජිනී ෂිවලිංගම්ගේ ඉවත්වීමත් සමග ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ දැඩි පසුබෑමක් පසුගිය කාලයේදී දක්නට ලැබුණි. විශේෂයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා ප්‍රවර්ධනයට පසුගිය කාලය පුරා ඇගේ සහභාගිත්වය තීරණාත්මක සාධකයක් විය.

එහිදී සිංගප්පූරුව පරාජය කරමින් 2022 දී ආසියානු කුසලාන දිනා ගත් ශ්‍රී ලංකාව තර්ජනීගේ ඉවත්වීමෙන් පසුව ඔවුන්ට එරෙහිව මුහුණුදුන්  තරග දෙකකදීම පරාජයට පත්විය. කෙසේ වුවත් තර්ජනී ක්‍රීඩා කළ 2023 කේප්ටවුන් ලෝක ශූරතා තරගාවලියේ දී ද ශ්‍රී ලංකාව සිංගප්පූරුවට පරාජයට වී තිබේ.

මෙම තත්ත්වයන් සැළකිල්ලට ගනිමින්  තර්ජිනී ෂිවලිංගම්ගේ සේවය නැවත ශ්‍රී ලංකා  කණ්ඩායමට එළඹෙන ආසියානු ශූරතා තරගාවලියේ දී ලබාගැනීමේ හැකියාව පිළිබඳව ඇය සමඟ සාකච්ඡා කිරීමට දැල්පන්දු සම්මේලනය උනන්දු වී සිටින බවද වැඩිදුරටත් වාර්තා වේ.

මීළඟ ආසියානු දැල්පන්දු තරගාවලිය ලබන වසරේ සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට සැළසුම් කර තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් දක්ෂතා හමුවේ ආසියානු කුසලාන රැකගැනීම ඔවුන්ට මේ වනවිට අභියෝගයක් බවට පත්ව තිබෙන තත්ත්වයක් තුළදී මෙලෙස තර්ජිනී ෂිවලිංගම් පිළිබඳව නැවත අවධානය යොමුකර  ඇත.

මීළඟ ආසියානු දැල්පන්දු කුසලාන තරගාවලිය ඉලක්ක කරමින් ඉකුත්දා සුගතදාස ගෘහස්ථ පිටියේදී පැවැති ජාතික දැල්පන්දු තේරීම් තරග පරීක්ෂණයෙන් සමත්වූ ක්‍රීඩිකාවන් 18 දෙනෙකු සංචිත ගත කිරීමට ජාතික දැල්පන්දු  තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

තර්ජිනී ශිවලිංගම් මේ වන විට ඕස්ට්‍රේලියාවේ ලීග් තරග ක්‍රීඩා කරයි.

 

ජාතික දැල්පන්දු සංචිතය

සෙමිණි අල්විස්, ගයනි දිසානායක, හසිතා මෙන්ඩිස්, දුලංගි වන්නිතිලක, ගයංජලී අමරවංශ, භාෂිණී ද සිල්වා, රෂ්මි පෙරේරා, ඉමාෂා පෙරේරා, ෂානිකා පෙරේරා, රුක්ෂලා, හපුආරච්චි, සුසිමා බණ්ඩාර, රෂ්මි දිව්‍යාංජලී, ගයාත්‍රි කෞෂල්‍යා, හංසිමා දිසානායක, සචිනි රුද්‍රිගු, උමයංගනා දිල්ෂානි, සමින්දි රසාංගි, රෙෂිණි සසදරා.


අදහස් (0)

ලොව උසම ක්‍රීඩිකාවට නැවත කැඳවීමක්?

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.