Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ලේටන් කුසලාන තරගා අගෝ: 2 දා සිට

ලේටන් කුසලාන තරගා අගෝ: 2 දා සිට

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කරන ලේටන් කුසලාන බොක්සිං තරගාවලිය අගෝස්තු මස 2 වැනිදා සිට 6 වැනිදා දක්වා කොළඹ රාජකීය විදුහල් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

අගෝස්තු මස 2 වැනිදා සිට 5 වැනිදා දක්වා පස්වරු 3.00 සිට මූලික වටයේ තරග පැවැත්වෙන අතර 6 වැනිදා පස්වරු 3.00 සිට අවසන් මහ තරග පැවැත්වීමට නියමිතය. බර පංති 10 යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේදී පිරිමි සහ කාන්තා යන අංශ දෙක සඳහාම විනාඩි 3 බැගින් වන වට 3 කින් සමන්විත තරග පැවැත්වේ.

මින් පෙර පැවැති ආධුනික, අතරමැදි, ජාතික කනිෂ්ඨ සහ ස්ටබ්ස් පළිහ වැනි ජාතික මට්ටමේ බොක්සිං තරගාවලි වලදී ජයග්‍රහණ ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණක් මෙම තරගාවලියට සහභාගි විය හැකිය.

තරගාවලියට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වයස අවුරුදු 19 ත් 40 ත් අතර එනම් 1977 ජනවාරි මස 1 වැනිදාත්, 1998 දෙසැම්බර් 31 වැනිදාත් අතර උපත ලද අය විය යුතුය. එහිදී ක්‍රීඩිකාවන් තමා ගර්භනී තත්ත්වයේ නොසිටින බවටද වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කළ යුතුය.

තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට පදක්කම් සහ සහතිකපත් පිරිණැමෙන අතර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට සහ ක්‍රීඩිකාවට විශේෂ කුසලාන සහ සහතිකපත් හිමිවේ.

තරගාවලියේ සියලු තරග ජාත්‍යන්තර ආධුනික බොක්සිං සංගමය හඳුන්වාදුන් නව නීති රීති වලට අනුව පැවැත්වේ. ඊට සහභාගි වීමට බලාපොරොත්තු වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ මස 21 වැනිදාට පෙර ‘මොහොමඞ් ශෆීක්, බලඝන නායක, ලේකම් - බොක්සිං සංගමය, නො.594, කොළඹ 2’ යන ලිපිනයට සිය අයැදුම්පත් යොමුකළ යුතුය.

 


අදහස් (0)

ලේටන් කුසලාන තරගා අගෝ: 2 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.