Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ තරගයකදී අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබාගැනීමට කොළඹ ලුම්බිණි විද්‍යාලය ඊයේ (25 වැනිදා) සමත්විය. මෙම තරගය කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
අනුරාධපුර ම.ම. විද්‍යාලය වෙනුවෙන් කඩුලු පහ බැගින් දවාගැනීමට මදුරංග චන්ද්‍රරත්න සහ සිතුම් බණඩාර සමත්වූ අතර තනුක දාබරේ ලුම්බිණි විද්‍යාලය වෙනුවෙන් ලකුණු 34 කට කඩුලු 6 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ලුම්බිණි විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 47.4 දී සියලුදෙනා දැවී ලකුණු 186
(විනූ හේමාල් 33, රවිඳු සංජීව 31, අමිත දාබරේ 29, මදුරංග චන්ද්‍රරත්න 50/5, සිතුම් බණඩාර 30/2, ඩිල්ෂාන් ලක්ෂිත 38/2)
අනුරාධපුර ම.ම. විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 49.2 දී සියලුදෙනා දැවී ලකුණු 142
(මාලින්ද මූර්තී නොදැවී 24, සිතුම් බණ්ඩාර 22, හේෂාන් ගුණවර්ධන 20, තනුක දාබරේ 34/6, විනූ හේමාල් 26/2)
ලුම්බිණි විද්‍යාලය - දෙවන ඉනිම - ඕවර 23 දී කඩුලු 8 ක් දැවී ලකුණු 139
(රවිඳු සංජීව 48, සිතුම් බණඩාර 42/5, මදුරංග චන්ද්‍රරත්න 65/3)
අනුරාධපුර ම.ම. විද්‍යාලය - දෙවන ඉනිම - ඕවර 36.5 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 108
(ධනංජය තම්මිට 42, සිතුම් බණ්ඩාර නොදැවී 27, තනුක දාබරේ 47/2, කණිෂ්ක මදුවන්ත 40/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.