‘ඩයලොග් 4G - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනප්‍රියම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා (2017) තේරීමේ තරගයේ 16 වැනි සතිය නිමාවන විට සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණ තහවුරු කරගැනීමට ඉකුත් සතියේදී එහි පෙරමුණට පැමිණි මීගමුව මාරිස්ටෙලා විදුහලේ ලසිත් කෘස්පුල්ලේ සමත්ව සිටියි. ගෙවීගිය සතිය තුළදී ලබාගත් ඡන්ද 12,665 ත් සමගින් මේ වන විට ලසිත් ලබා සිටින මුළු ඡන්ද සංඛ්‍යාව 111,846 කි.
ඉකුත් සතියේදී සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පළමු ස්ථානයේ සිට දෙවැනි ස්ථානය දක්වා පහළට වැටුණ ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහලේ නවිඳු නිර්මාල්, මේ වන විට ඡන්ද 103,175 ක් ලබා සිටින අතර ගෙවීගිය සතිය තුළදී ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 10008 කි. ඒ අනුව ඔහු සහ ලසිත් අතර ඡන්ද සටහනේ පළමු සහ දෙවැනි ස්ථාන සඳහා පවතින ඡන්ද පරතරය 8671 කි.
මරදාන සහිරා විදුහලේ මොහොමඞ් නජත් ඡන්ද 59,574 ක් ලබා සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි ස්ථානයේ රැදී සිටින අතර ගෙවී ගිය සතිය තුළදී ඔහු සිය ඡන්ද ගොන්නට අලුතින් එක්කර ගැනීමට සමත්ව ඇත්තේ ඡන්ද 749 ක් පමණි.
කොළඹ තර්ස්ටන් විදුහලේ චරණ නානායක්කාර සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ සන්තුෂ් ගුණතිලක පිළිවෙළින් ඡන්ද 10,401 ක් සහ 8950 ක් බැගින් ලබා සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ සිවුවැනි සහ පස්වැනි ස්ථාන හිමිකරගෙන සිටිති.
පානදුර ශ්‍රී සුමංගල විදුහලේ පුලිත යසස් ඡන්ද 2679 ක් ලබාගනිමින් නැගී එන කාණ්ඩයේ පෙරමුණ රැකගෙන සිටින අතර පන්නිපිටිය ක්‍රිස්තු රාජ විදුහලේ සහන් පෙරේරා ඡන්ද 235 ක් ලබාගනිමින් එහි දෙවැනි ස්ථානයේ රැදී සිටියි.
තරග ආරම්භයේ සිට මේ දක්වාම අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ ක්‍රීඩකයන් අතර පෙරමුණ ගෙන සිටින ඇලීතියා ජාත්‍යන්තර පාසලේ ශිම්රාස් ශාහිල් ඡන්ද 283 ක් ලබා සිටියි.
මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් සමාගමේ ‘ලංකාදීප’, ‘අද’, ‘ඬේලි මිරර්’ සහ ‘ඬේලි එෆ්.ටී.’ යන දිනපතා පුවත්පත් වලද, ‘සන්ඬේ ටයිම්ස්’ සති අන්ත පුවත්පතේද අන්තර්ගත වේ. තමන් කැමතිම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වෙනුවෙන් මනාප පළ කිරීම සඳහා ලබන ජූලි මාසය දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ. අන්තර් ජාලය ඔස්සේ මනාප පළකරන්නන්ට 'www.dialog.lk/cricket' වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ සඳහා අවස්ථාව උදා කරගත හැකිය.
| සමස්ත ලංකා පාසල් කාණ්ඩය | ||
| ක්‍රීඩකයා | පාසල | ඡන්ද |
| ලසිත් කෘස්පුල්ලේ | මීගමුව මාරිස්ටෙලා විදුහල | 111,846 |
| නවිඳු නිර්මාල් | ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල | 103,175 |
| මොහොමඞ් නජත් | මරදාන සහිරා විදුහල | 59,574 |
| චරණ නානායක්කාර | කොළඹ තර්ස්ටන් විදුහල | 10,401 |
| සන්තුෂ් ගුණතිලක | බම්බලපිටිය ශාන්ත පීතර විදුහල | 8950 |
| රොමේෂ් නල්ලපෙරුම | ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල | 6412 |
| දිනිත බස්නායක | කොටහේන ශාන්ත බෙනඩික් විදුහල | 5794 |
| හේලිත විතානගේ | කොළඹ රාජකීය විදුහල | 1785 |
| මොහොමඞ් රිෆාස් | ජනාධිපති විදුහල | 1292 |
| ලක්ෂිණ රොද්‍රිගූ | බම්බලපිටිය ශාන්ත පීතර විදුහල | 1205 |
| නිකේෂ් අංජන | ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල | 835 |
| සහන් සුරවීර | කොළඹ ආනන්ද විදුහල | 683 |
| දිලීප ජයලත් | කොළඹ ආනන්ද විදුහල | 531 |
| හරීන් බුද්දිල | ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල | 473 |
| පී. ඒ. ධනංජය | ගාල්ල රිච්මන්ඞ් විදුහල | 291 |
| සම්මු අශාන් | කොළඹ ආනන්ද විදුහල | 232 |
| පසිඳු සූරියබණ්ඩාර | කොළඹ රාජකීය විදුහල | 212 |
| සංජුල අබේවික්‍රම | කොළඹ ඉසිපතන විදුහල | 191 |
| අසේල් සිගේරා | කොළඹ ආනන්ද විදුහල | 189 |
| ජෙහාන් ඩැනියෙල් | මරදාන ශාන්ත ජෝෂප් විදුහල | 134 |
| නැගී එන පාසල් කාණ්ඩය | ||
| ක්‍රීඩකයා | පාසල | ඡන්ද |
| පුලිත යසස් | පානදුර ශ්‍රී සුමංගල විදුහල | 2679 |
| සහන් පෙරේරා | පන්නිපිටිය ක්‍රිස්තු රාජ විදුහල | 235 |
| ඉමේෂ් බස්නායක | ගම්පහ ශාන්ත පීතර විදුහල | 214 |
| ගිම්හාන ධනුෂාන් | පිළියන්දල මැදි විදුහල | 130 |
| නිපුන රංසික | පී. ද එස්. කුලරත්න විදුහල | 98 |
| මෙතුෂාන් තිළිණ | කෑගලු විද්‍යාලය | 83 |
| රවීන් යසස් | රත්ගම දේවපතිරාජ විදුහල | 44 |
| සුමින්ද ලක්ෂාන් | මෝදර ද ලාසාල් විදුහල | 40 |
| හිරුෂ මෙන්ඩිස් | බලපිටිය ශ්‍රී සිද්ධාර්ථ විදුහල | 32 |
| තිසර දිල්ෂාන් | පොළොන්නරුව ජාතික පාසල | 8 |
| ශෘෂී අධිෂ්ඨාන | කුරුණෑගල ශාන්ත බර්නඩෙත් විදුහල | 1 |
| අන්තර් ජාතික පාසල් කාණ්ඩය | ||
| ක්‍රීඩකයා | පාසල | ඡන්ද |
| ශිම්රාස් ශාහිල් | ඇලීතියා ජාත්‍යන්තර පාසල | 283 |
| තාරික් හනීෆ් | විචර්ලි ජාත්‍යන්තර පාසල | 1 |
පාඨකයන් වෙනුවෙන් පැවැත්වෙන තරගයේ පසු ගිය සතියේ ජයග්‍රාහකයෝ
1 මොහාන් සවේරිමුත්තු, 235/9, ග්‍රීන්වුඞ් ටෙරස්, කෙරවලපිටිය, හැඳල, වත්තල
2 විනුත් එස්. සිරිවර්ධන, 43/56, පූර්වාරාම පාර, කොළඹ 5
3 රංජන් සුදර්ෂන, කනිල්මෝ ඉන්, මත්තේගොඩ, බෝපිටිය
4 සරත් කේ. ප්‍රනාන්දු, 41, දෙවැනි වීදිය, රත්මලාන
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.