මුරලි සාම කුසලාන වි:20 කි‍්‍රකට් තරගාවලියේ අද පැවති තරගයකින් යාපනය ඒකාබද්ධ පාසල් කණ්ඩායම පරදවා කඩුලූ 7 ක පහසු ජයක් වාර්තා කිරීමට කොළඹ ශාන්ත පීතර විදුහල් කණ්ඩායම සමත්විය.
යාපනය ඒකාබද්ධ පිල ලබාගත් ලකුණු 200 සාර්ථකව හඹාගිය ශාන්ත පීතර කී‍්‍රඩකයෝ ඕවර 14.2 කදී සිය ඉලක්කය පසුකර ගියහ.
ශාන්ත පීතර විදුහලේ දිනිත් තිමිද්‍ය (58) සහ හෂාන් උපේන්ද්‍ර (77) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 38 ක් තුළ ලකුණු 102 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් තම කණ්ඩායම ජයටැඹ කරා රැගෙන ගියහ. එම විදුහලේම චමිල ඔබේසේකර ඕවර 4 ක් යවමින් ලකුණු 30 කට කඩුලූ 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත්විය.
යාපනය ඒකාබද්ධ පාසල් කණ්ඩායම - කඩුලූ 6 ට 200 (ඕවර 20)
(ජයබාලසිංහම් ජිනතන් 57, තේවරාජා සාතියන් 37, තේවරාජා දිලූෂාන් 17, පරමනාතන් තුවරගසීලන් 16, අරුලනාතම් ගනමිරිතන් 16, චමිල ඔබේසේකර 30/4)
ශාන්ත පීතර විදුහල් කණ්ඩායම - කඩුලූ 3 ට 202 ( ඕවර 14.2)
(දිනිත් තිමිද්‍ය 58, හෂාන් උපේන්ද්‍ර 77, ජනිත් ලියනගේ 46)
- 021
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.