Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ලක්සිරි - ඉසඩීන් ශූරතා දිනති

ලක්සිරි - ඉසඩීන් ශූරතා දිනති

ශනුක අරවින්ද - 2018 ඔක් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රත්මලාන ගුවන් හමුදා ස්කොෂ් ගෘහස්ත ක්‍රිඩා සංකීර්ණයේදී පැවැති ගුවන් හමුදා විවෘත ස්කොෂ් තරගාවලියේ පිරිමි කේවල ශූරතාව දිනාගැනීමට රවිඳු ලක්සිරිද, කාන්තා ශූරතාව දිනාගැනීමට ෆතූම් ඉසඩීන්ද සමත් වූහ.

පිරිමි කේවල අවසන් මහ තරගයේදී ශමිල් වකීල් පරාජය කිරීමට රවිඳු ලක්සිරි සමත් වූ අතර කාන්තා අවසන් මහ තරගයේදී කසුනි ගුණවර්ධන පරාජය කිරීමට ෆතූම් ඉසඩීන්ද සමත් වූවාය.

ක්‍රිඩක ක්‍රිඩිකාවන් 250 කගේ පමණ සහභාගිත්වයෙන් පැවිති මෙම තරගාවලියේදී අවුරුදු 9 න් පහළ, 11 න් පහළ, 15 න් පහළ සහ 19 පහළ යන වයස් කාණ්ඩ යටතේ බාලක සහ බාලිකා අංශ දෙකෙන්ම තරග පැවැත්විණ. විවෘත කාණ්ඩය යටතේ පිරිමි සහ කාන්තා ඉසව් පැවැති අතර එහිදී ජ්‍යෙෂ්ට තරගකරුවන් සඳහා අවුරුදු 35 ට වැඩි, අවුරුදු 45 වැඩි සහ අවුරුදු 50 ට වැඩි පිරිමි ඉසව්ද පැවැත්විණ.

තරගාවලියේ ජයග්‍රහක ජයග්‍රහිකාවන්ට ගුවන් හමුදා මෙහෙයුම් භුමි අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් කේ.එෆ්.ආර්. ප්‍රනාන්දු මහතාගේ ප්‍රදානත්වයෙන් ත්‍යාග සහ සහතිකපත් ප්‍රධානය කෙරුණු අතර එම අවස්ථාවට ශ්‍රි ලංකා ස්කොෂ් සම්මේලනයේ සභාපති අජිත් අබේසේකර මහතා සහ ගුවන් හමුදා නිළධාරින් රැසක් සහභාගි වූහ.


අදහස් (0)

ලක්සිරි - ඉසඩීන් ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.